Colombo Today Local News

බීඩි කොළ කිලෝ 1,500ක් සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකායේ(STF) විශේෂ මෙහෙයුම් ඒකකය මගින් මීගමුව වෙරළාසන්න ප්‍රදේශයකදී ඉන්දියාවේ තූත්තුකුඩියේ සිට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1,500ක් සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම බීඩි තොගය රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා බවය.

එම බීඩි තොගය ඉන්දියාවේ, තූත්තුකුඩියේ සිට ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත රැගෙන ගොස් ලංකාවේ බෝට්ටුවක් මගින් මීගමුව වෙරළ තීරයට රැගෙන විත් තිබේ.

එම බීඩි කොළ තොගය රැගෙන යාමට පැමිණි වාහන 03ක් ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

මෙම නඩු භාණ්ඩ තොගය හා සැකකරුවන් මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

Related posts

පොලිස් ඇමති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

Admin

ගාල්ල ගිංතොට ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් සහ දේපොළ මෙන්න

colombotoday

නීතිඥවරියගේ නිවසට ගල් ගසා නිරුවත පෙන්වු පුද්ගලයාට වුණ දේ

colombotoday

පාඨලීගේ රියදුරු රිමාන්ඩ්

colombotoday

2011 ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව: මහේල ජයවර්ධනටත් කැඳවීමක්

colombotoday

හමුදාවට දඩුවම් කළ යුතුයි කියන ඇමති ෆොන්සේකාට දොඩම්පහළ හිමිගෙන් කණ පැලෙන්න පිළිතුරු

colombotoday