Colombo Today Local News

මත්පැන් සාදයකට එරෙහි වූ ආරවුලක් මරණයකින් කෙලවර වෙයි

කෑගල්ල – දිවෙල ප්‍රදේශයේදී ඊයේ(15) රාත්‍රියේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා 48 හැවිරිදි දීවෙල – පල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා මිතුරන් කිහිපදෙනෙක් සමග මත්පැන් පානය කරමින් සිටි අවස්ථාවේ අසල නිවසේ හිමිකරු එයට විරෝධය පළ කිරීමෙන් ආරවුලක් හටගෙන ඇත.

පොලිසිය පවසන්නේ අසළ නිවසේ හිමිකරු කොන්ක්‍රීට් ගලකින් පහරදී ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයා කෑගල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

කොවිඩ් මෘතදේහ භූමදානයට ඉරණතීව් හි දූපතක් තෝරාගනී

colombotoday

‘හමුදාවේ මීහරකුන්ට දඩුවම් කල යුතුයි‘ – ඇමති මංගල පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

දැඩි සත්කාර ඇඳන් පිරිලා | රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් කල් දමයි

colombotoday

කාලගුණයෙන් රතු නිවේදනයක්

colombotoday

දයාරතන හිමි, ඉත්තෑකන්දේ හිමි, සුදත්ත හිමි අතුළු 11ක් ඇප මත නිදහස්

colombotoday

“අපේ ස්ථාවරයේ වෙනසක් නෑ.. ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණයක් ඕනමයි” – TNA

colombotoday