Colombo Today Local Newsfeatured

ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍යවරු ගිනස් පොතට l ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කරයි.

ලොව විශාලතම සහ බරම වකුගඩු ගල, ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම මගින් ගිනස් ලෝක වාර්තා අතරට එක්වීමට යුද හමුදා වෛද්‍යවරු සමත්වි ඇති අතර මෙම ශල්‍යකර්මය පසුගිය පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි 1) කොළඹ යුද හමුදා රෝහලේදී සිදු කර ඇත.

කොළඹ යුධ හමුදා රෝහලේ මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන් මහතා, කපිතාන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තාමෂා ප්‍රේමතිලක සමඟ එක්ව මෙම ශල්‍යකර්මය සිදුකරන ලදි.

ශල්‍යකර්මයේදී නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් ලෙස කර්නල් යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් සී.එස්. අබේසිංහ ද දායක වූහ.

යුද හමුදා වෛද්‍යවරුන් විසින් බ්‍රහස්පතින්දා (1) කොළඹ යුද හමුදා රෝහලේ දී ඉවත් කරන ලද ගල සෙන්ටිමීටර 13.372 ක් දිග සහ ග්‍රෑම් 801 ක් බරින් යුක්ත වේ.

ශල්‍යකර්මයෙන් පසු ඉවත් කරන ලද ගල යුධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් පී.ඒ.සී ප්‍රනාන්දු සහ ලුතිනන් කර්නල් කේ. සුතාර්ෂන් විසින් යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ වෙත යුධ හමුදා මූලස්ථානයේ දී පෙන්වනු ලැබීය.

දැනට පවතින ගිනස් වාර්තාවට අනුව ලොව විශාලතම වකුගඩු ගල (2004 ඉන්දියාව) සෙන්ටිමීටර 13 ක් වන අතර බරින් වැඩිම වකුගඩු ගල (2008 පාකිස්තානය) බර ග්‍රෑම් 620 ක් ලෙස සටහන්ව ඇත.

Related posts

තෙල් සංස්ථා සේවකයෝ 3ක් ත්‍රිකුණාමලයේදී ඉන්දීය සමාගමෙන් අල්ලා සිරකරයි

colombotoday

අන්තරේ පා ගමනට පොලිසියෙන් කඳුලු ගෑස්

colombotoday

MT නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට එරෙහි පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවතට

colombotoday

අත්අඩංගුවේ සිටින කොටි සැකකරුවන් නිදහස් කිරීම හෙවත් කූඩුවේ සිටින මාරයා ඔඩොක්කුවට ගැනීම

colombotoday

ආචාර්ය ජයන්ත ධනපාල ව්‍යවස්ථා සභාවෙන් ඉවත්වෙයි

colombotoday

අයවැය ප්‍රකාශය : ග්‍රාමීය පාසල් පහසුකම් දියුණු කිරීමට මිලියන 200 ක්. ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට යෝජනා

Admin