ArticlesColombo Today Local NewsHot News

අත්අඩංගුවේ සිටින කොටි සැකකරුවන් නිදහස් කිරීම හෙවත් කූඩුවේ සිටින මාරයා ඔඩොක්කුවට ගැනීම

ltte presonerතිස්වසරක කුරිරු යුද්ධය වසර හයකට පෙර අවසාන විය. අප දැන් ගමන් කරමින් සිටින්නේ පශ්චාත් යුද සමයක් පසු කරමිනි. 1972 වර්ෂයේදී මලකඩ කෑ රිවෝල්වරයක් හා ගිනිපෙට්ටි කිහිපයකින් එකතු කරගත් වෙඩිබෙහෙත් වලින් එවකට යාපනයේ නගරාධිපති ඇල්ෆඩ් දොරේ අප්පා ගොදුරු කරගමින් කොටින්ගේ සන්නද්ධ ගමන ඇරැඹිනි. ප්‍රථම වරට ඔවුන් 1982 දී යාපනය අර්ධදීීපයේ පැවති ජනමත විචාරනයකදී සේවයේ නියතුව සිටි යුදහමුදා සෙබලුන් තිදෙනකුට මරු කැදවමින් ඔවුන් රජයේ හමුදාවන්ට එරෙහිව පලමු ප්‍රහාරය එල්ලකලහ. නැවතත් 1983 වසරේ යුදහමුදා සෙබලුන් 13 දෙනෙකු තිරුනල්ලවේලි ප්‍රදේශයේදී ඝාතනය කල ඔව්න් කලු ජූලියට ආරම්භයක් දුන්හ. අනතුරුව සන්නද්ධ ක්‍රමවේදයක් ඔස්සේ ” ඊලාම් රාජ්යයක්’ ” වෙනුවෙන් ක්‍රියාත්මක වූහ.

පසුගිය රජයන්ගේ නොමනා ක්‍රියාවලියන් නිසා එල්ටීටීඊයට ජාත්‍යන්තරයේ අනුකම්පාව පවා ලැබිනි නමුත් ඒ අනුකම්පාව පසුව අපහට මහා භූමිකම්පාවක් වීමට වැඩි කාලයක් ගත වූයේ නැත. ඔවුන්ට සමහර රටවල් වලින් නවීන අවි ආයුධ හා යුධ පුහුනුව ලබාදෙන ලදී 1984 සිටකොටි උතුරු ප්‍රදේශයේ සිට වරින් රජයේ හමුදාවන්ට ප්‍රහාරයෙන් එල්ල කළ අතර එම ප්‍රහාර එල්ල කල එල්ටීටීඊ සාමාජිකයන්ද නවාතැන් ඇතුලු සියලු ආකාරයේ උදව් උපකාර කරන ලද පුද්ගලයන්ද නීතිය හමුවට ඉදිරිපත් කිරීමේදී ඔවුන් සෘජුවම එල්ටීටීඊය හා සම්බන්ද බවට ඔප්පු වූවානම් සිරගත කෙරින.

හමුදා වාර්තා පවසන අන්දමට රජයේ හමුදාවන් අත පැවති අවි ආයුදවලට වඩා නවීන අවි ආයුධ එල්ටීටීඊය සතුව පැවතිනි .ඔවුන්ට මහාපරිමාන යුදකදවුරු ඉදිකිරීමට එතරම් කාලයක් ගත වූයේ නැත . මුහුදුබලය ගුවන්බලය සාමාජික,මිනිස් බෝම්බ් කරුවන් ගුවන් යානා නාශක අවි ගුවන්යානා නාශක මිසයිල ආයුද බලය අතින් ලෝකයේ අනෙක් ත්‍රස්තවාදී කන්ඩායම් අභිබවා අංක එකට පැමිනීමට හැකිවිය (2002 වසරේ සාම ගිවිසුම ඔව්න්ට මහත් ආශිර්වාදයක් වූවාට සැක නැත) ඇමරිකාවේ මධ්‍යයම ඔත්තු සේවයද තම වෙබ් අඩවිය මගින් එ් බව කියාසිටියේය.

එල්ටීටීඊය 2006 ජූලි 21 වන දින මාවිල් අරු සොරොව්ව වසා දමා එම ප්‍රදේශයේ ජනතාවගේ ජල අයිතියද අහිමි කරන ලදී ඒ නිසා අවතැන් වූ පවුල් සංඛ්‍යාවා පහලොස්දසසක් පමන විය. සාමන්‍ය ජනයා පූජ්‍ය පක්ශය හා රජය කොතෙකුත් ඉල්ලීම් කලද ඔවුන් එය විවෘතකිරීමට අකමැත්ත ප්‍රකාශ කරන ල. ඒවා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නොවේද? එය එල්ටීටීඊයේ බලය පෙන්වීමට කල දෙයැක් යැයි අපට සිතිය හැක.

ඉන්පසු ඔවුන් මුත්තූර් කට්ටපරිචාන් ත්‍රිකුනාමලය ඇතුලු ප්‍රදේශ ගනනාවකට ප්‍රහාර ල්ල කරන ලදී ඒ අතර මිනිස් බෝම්බද ඔව්න් යොදවාගන්නා ලදී මේ අතර රජයෙ හමුදාවන් ත්‍රස්තවාදය මුලින් උපුටා දැමිමේ මානුෂීය මෙහෙයුම ආරම්භකරන ලදී.උතුරේ සහ නැගෙනහිර සිදුවන පරාජය වීම් නිසා එල්ටීටීඊය දකුනේ ව්නාශකාරී ක්‍රියාවලියක් ආරම්භ කළේය. බස් බෝම්බ් ක්ලේමෝ පාර්සල් බෝම්බ කුඩා ත්‍රස්ත කන්ඩායම් බුත්තල වැනි ප්‍රදේශයයන් තුල ක්‍රියාත්මක වන් අතර ඔවුන් මිනිස් නිස් බෝම්බ කරුවන් (පිරිමි සහ කාන්තා ) දිවයින පුරා වැදගත් මර්මස්ථාන ්‍රධානපෙලේ යුද හමුදා නිලධාරීන් සාමාන්‍ය ජනයා නිතර ගැවසෙන ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කළේය. ඒවා දිනෙන් දින වැඩි විය.

රජයේ හමුදා වහා දකුන කොළඹ හා සමස්ත දිවයින පුරා විහිදුණු ත්රිවිධ හමුදා බුද්ධිඅන්ශයක් යොදවා ත්‍රස්ත ක්‍රියා සම්බන්දයෙන් සෘජුව හා වක්‍රරව සම්බන්ද පුද්ගලයන් අත්අඩන්ගුවට ගන්නා ලදී, ඒ අතරම ඔව්න් ” ඔපරේශන් ඩබල් ඒජ් ” (operation double edge) නමින් ප්‍රති ත්‍රස්ත මෙහෙහුමක් ආරම්බ කර එමගින් දකුනේ ප්‍රරහාර වැලැක්වීමටත් ඒවාට සම්බන්ද පුද්ගලයින් අතඩගුවට ගැනීමත් සිදුව්ය, තවද එල්ටීටීඊ ජාත්යන්තර ජාලයෙ සාමාජිකයන් ඔව්න්ගේ අවදානය වෙනතකට හරවා මෙරටට ගෙන්වා අතඅඩංගුවට ගන්නටද කටයුතු කෙරින. අවිආයුධ මිලදී ගැනීම් මරාගෙන මැරෙන සාමාජිකයන්ට අවශ්‍ය බුද්ධි තොරතුරු ලබා දිම් ඔවුන් ආරක්ශා කිරීම ඔව්න්ට අවි ආයුධ ලබ දීම එල්ටීටීඊය වෙත මුදල් රැස් කිරීම් වැනි බරපතල ක්‍රියාවන්ට සෘජුව හෝ වක්‍රාකාරයෙන් සම්බන්ධ හා දකුනේ පාතාල කල්ලි වලට අවි අයුධ ලබා දීම් ඇතුලු ධරුනු ගන්යේ අපරාදයන්ට සම්බන්ද පුද්ගලයන්ද ඒ අතර වේ. ඒ අනුව අත් අඩංගුවේ සිටින මාරයාගේ තරම පැහැදිලිය.

තිස් වසරක කුරිරු ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් සිංහල බෞද්ධ ජනයාද බැටකෑ බවට සියල්ලන්ටම අමතක වී ගොසිනි.නිදහස් නිවහල් දේශයක් උදෙසා සටන් වැදුනු අපේ ත්‍රිවිද හමුදා සෙබලුන් විසිහත්දහසක් (27000) පමන මාතෘ භූමියේත් සියලු ජනයාගෙත් නිදහස උදෙසා තම රුධිරය හෙළා හැදූ මවටත් උපන් රටටත් ණය නොමැති සදා අමරනීය විරුවන් අතරට එක්වූහ. ඒ අතර තවත් පිරිසකගේ නම් අතුරු දහන් වූවන්ගෙ ලයිස්තු වලට ඇතුලත් විය. ඔවුහු අප වෙනුවෙන් හිවි පිදූහ.අප වෙනුවෙන් මහා කැප කිරීම සිදුකල ඔව්න්ට යුද්ධය පැවති සමයේ තම කඳවුරු වල ඇති තරම් වත් සැප පහසු කිසිවක් ඔවුන් සෙව්වේ නැත ඔවුන් සොයා ගියේ තම මාතෘභුමියේ නිදහස නොවේදැයි සියල්ලන්ටම අද අමතක වී ගොසිනි. බඩගින්නට ඔවුන් පැකට් කල ආහාර වේලක් හෝ අධිපෝශන පෙත්තක් පමනක් ලබාගත්බව ඔබ මා හොදින් දන්නා කරුනකි. නමුත් හුදු දේශපාලන වාසි තකා රණවිරුවන් ඔවුන් කල කැප කිරීම් සමාජයේ සිත් තුලින් මකා දැමීමට සැදී පැහැදී සිටින පිරිසක්ද අප අතර සිටින බව අප මතක තබා ගත යුතුය.

හුදෙක් තම පටු දේශපාලන අරමුනු සදහා රට ජාතිය පාවාදීම තම දේශපාලන බලය යොදාගත් සම-හරක් එදා සිට අද දක්ව අහිංසක් ජනතාව ගොනාට අන්දමින් සිටි දෙමල ඩයස්පෝරව ක්රියාත්මක වන්නේ විදේශරටවල් වල සිට බව ඔබ මා හොදින් දන්නා කරුනකි. නමුත් ඔව්න්ගෙ කර්තව්යන් සාර්තක කර ගැනීමට අවශ්ය වාතාවරනය ගොඩ නැගෙන තුරු බලා සිටි ඇත්තන්ට දැන් අවස්ථාව ලැබී අවසානය. වර්තමාන විපක්ශ නායක 2002 පැවති සාමගිවිසුම් සාකච්ඡා සමයේ එල්ටීටීඊ නායකයාගේ පාර්ශ්වයේ අසුන් ගත් ඔව්න් වෙනුවෙන් පෙනි සිටි අයෙක්බව අමතක වී ගොසිනි.

යුද්ධය දැන් අවසානය නමුත් අලු යට ගිනිපුලුගු විටින් විට මතුවන් බව ඔබ් මා හොදින් දන්නා රහසකි.නමුත් රණවිරුවන් වෙනුවෙන් අධිෂ්ඨාන පූජා පැවැත්වු ජනයා අද රණවිරුවන් එල්ලුම් ගසට නියම වන තෙක් ඇටිකෙහෙල් කෑ රිලවුන්මෙන් බලා සිටින්නේ මන්ද? ඔවුන් පාට පක්ශ හමුවේ නිශබ්දව බලා සිටින්නේ දොළපිදේනි ලැබෙන තුරුදැයි දැයි මට හැගි යයි ඉහත සඳහන්කල දේශපාලුවන් ස්වකීය අරමුනු සදහා රණවිරුවන් විසිහත්දහසක් පමන් දිවි පුදා රැක දුන් නිදසසේ විරුවන්ගේ සොහොන් මතින් ගොස් එල්ටීටීඊ ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන්ට කඩිනමින් නිදහස ලබාදීමට අවශය කටටුතු ලහි ලහියේ සිදුවේ.

එය සිදු නොවුනහොත් ඩයසපෝරාවත් ජාත්‍යන්තර ප්‍රජාවත් රජයට බලපෑම් කිරීමේ යටි අරමුනකින් සිටිනබව පෙනීයයි. ඔවුන්ට ඉදහස ලබා නොදුනහොත් මාරාන්තික උපවාසයක් අරඹන්නට සිරකරුවෝ සැරසෙන බවද සැළවේ. ඔවුන් වසරක පුනුරුත්ථාපනයටද විරුද්ධත්වයක් පලකරයි.ඔවුන් පවසන්නේ ඔවුන්ට පූර්න නිදසක් ලබාදෙන ලෙසය නමුත් ඔව්න් පුනරුත්ථාපනයට එක හෙළාම විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්නේ මන්ද ? මේ අළු යට ඇති ගිනිපුලුගු නොවේද?

වරක් ඔවුන් උමගක් හාරා සිරගෙදරින් පැනගොස් එල්ටීටීඊය හා නැවත සම්බන්ද වූ බව අපි දන්නෙමු. අපගේ මාතෘභූමියේ ඊලාම් රාජ්‍යයක සිහිනය දුටු ඔවුන් තාමත් ඒ සිහිනය දකින බව ඔවුන්ගේ ප්‍රකාශ තුලින් ගම්‍යවේ මේ පිරිස් අතරමිලේනියම් සිටි පාවාදීමට අදාල සැකකරුවන් මේජර් ජෙනරාල් ජානක පෙරේරා ගාතන සැකකරුවන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙයරජ් ප්‍රනාන්දුපුල්ලේ ගාතනයට ආ මරාගෙන මැරෙන කොටි සාමජිකයන්ට නවාතැන්, තොරතුරු හා එම බෝම්බ අහිත ඇදුම් කට්ටලය ලබාදුන් සැකකරුවන්ද හිටපු විදේශ අමාත්‍ය ලක්ශ්මන් කදිරගාමර් මහතා ගාතනයේ සැකකරුවන්ද එල්ටීටීඊයට අවශ්‍ය බොම්බ අවි ආයුධ නිපදවූ පුද්ගලයන්ද සිටින බව කිසිවෙක් මාධ්‍ය හමුවේ නොපවසන්නේ මන්ද? ඔවුන් නිදහස් කිරීමට විරුද්ධව කිසිදු ජනමාධ්‍යයක් කොටි ම්ලේච්ඡත්වය විදහා දැක්වෙන අතිතාවර්ජනයක් සිදුනොකරන්නේ මන්ද?

මේවාට විරුද්ධ වන්නට නොහැකි ඇයි? ඒ ඔවුන් දේශපාලන වශයෙන් බෙදී වෙන් වී හමාර නිසාය. නමුත් විදේශගතව සිටින ජනයා එකතුවි සිංහල ඩයස්පෝරාවක් ආරම්බකර රජයට බපෑම් නොකරන්නේ මන්ද? දෙමළ ඩයස්පෝරාවේ බලපෑම්වලට රජය හිස නමන්නේ මන්ද? මේ පස්වන ඊළාම් යුද්ධයේ ඇරඹුමද? නැතිනම් දේශපාලනය මාර්ගයෙන් ඊලාම් රාජ්‍යක් ලබාගැනීමේ සැළසුමද?

– ජනිත් ඉෂාර

Related posts

රෝහල් 15ක ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීමට තීරණයක්

colombotoday

මල්වාන සුවිසල් නිවසේ නඩුවෙන් බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස්

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්න මුහුදේ පවතින ද්‍රව්‍යයන් 54 ක් හඳුනා ගනී

colombotoday

ඌව වෙල්ලස්ස සරසවියට නව කුලපතිවරයෙක්

Admin

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි අද දිවයිනට

colombotoday

“ජාතික නායකයා“ යැයි සදහන් කරමින් යාපනේ, ප්‍රභාකරන්ගේ පොස්ටර් ඇලවෙයි !

colombotoday