Colombo Today Local News

කොවිඩ් මෘතදේහ භූමදානයට ඉරණතීව් හි දූපතක් තෝරාගනී

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත ශරීර ඉරණතිව් හිදී භූමදානමය කිරීම සඳහා අවසන් තීන්දුවක් ගෙන තිබේ.

අද උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසීය.

මරණ සම්බන්ධයෙන් ගැසට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සිදුකරන ලබන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡාවේ දී එම තීන්දුව ගනු ලැබු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මේ වන විට අදාළ ප්‍රදේශයේ මුලික කටයුතු සියල්ල අවසන් කරලා, ඕනෑම මෘත දේහයක් භාරගන්න තැනට කටයුතු කරමින් තිබෙනවා. ඉරණතිව් කියන්නේ දුපතක්. එහි විද්‍යාත්මක පදනමක් මත සෞඛ්‍ය අංශවලින් දීලා තියෙන උපදෙස්වලට අනුගතව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා.”

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රහාරයට විරෝධය.. වෛද්‍යවරු අද වැඩ වර්ජණයේ !

colombotoday

සති අන්තයේ කොළඹට ජල කප්පාදුවක්

colombotoday

යහපාලනයෙන් රටේ ණය බර 39%කින් ඉහළට.. මහ බැංකු වාර්තාවලින් හෙළිවේ !

colombotoday

බැදුම්කර මගඩිය මහින්දගේ කරේ එල්ලයි.. අරුම පුදුම ගැසට් එකක් එළියට !

colombotoday

යහපාලනය අසාර්ථකයි.. භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න – ත්‍රෛනිකායික මහ සගරුවන සහ සියලු ආගමික නායකයන් යෝජනා කරයි..

colombotoday

පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩුවෙයි – දුම්රිය සේවා සාමාන්‍ය පරිදි

colombotoday