Colombo Today Local News

බිළිඳෙකුට පහර දුන් මවක් අත්අඩංගුවට

මාස නමයක බිළිඳෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියකට එම බිළිඳාගේ මව අද (2)දින යාපනය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සැකකාර කාන්තාව එලෙස අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශන වලදී එම පහරදීම සිදුකරන සැකකාර කාන්තාව යාපනය අරියාලේ නාවලඅඩි ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට අනාවරණය වීමෙන් පසුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව එම නිවස වටලා පරික්ෂා කිරීමේදී අමානුෂික ලෙස පහරකෑමට ලක්වූ බිළින්දා ද සොයා ගැනීමට හැකි වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව මීට කලකට පෙර රැකියාව සඳහා කුවේට් රාජ්‍යයට ගොස් මීට මාසෙකට පමණ මෙම දරුවා ද සමඟ මෙරට පැමිණි තැනැත්තියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

චම්පික ඉන්නේ 2025 ජනාධිපති වෙන්නයි.. විධායකය අහෝසි කරනවාට ඔහු විරුද්ධ ඒකයි – වියන්ගොඩ

colombotoday

කතරගම 400ක් ගිනි පාගයි

colombotoday

සිංහල මහ ජාතියේ කැමැත්ත නැතිව කිසිවක් කරන්න බෑ – ජනපති

colombotoday

කෘෂිකර්ම ඇමති CIDයට යයි

colombotoday

වඳ දොස්තර සාෆිගේ ගිණුමට මුදල් ආව හැටි මෙන්න

colombotoday

ජනපති ඇමතිවරුන්ගේ කටවල්වලට තිරිංග දමයි !

colombotoday