Colombo Today Local News

සති අන්තයේ කොළඹට ජල කප්පාදුවක්

එළඹෙන සති අන්තයේ කොළඹ ප්‍රදේශ රැසකට පැය 28ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සපයනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි ජලකාන්දුවක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව නොවැම්බර් මස 13 වන සෙනසුරාදා රාත්‍රී 8 සිට නොවැම්බර් 14 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා එම ජල කප්පාදුව සිදුකෙරේ.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින්…..

  • කොළඹ 04, 05, 06, 07 සහ 08
  • කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ
  • මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශ

Related posts

අගමැතිට එරෙහි විශ්වාසභංගය කවදාවත් එන්නෙ නෑ… එහාට – මෙහාට වැනෙනව විතරයි

colombotoday

අන්තවාදි කරුණු 25ක් පිළිබඳව ඥානසාර හිමි විසින් දැනුවත් කළ ද පසුගිය ආණ්ඩුව කිසිදු සොයාබැලීමක් කර නෑ

colombotoday

බැංකු කටයුතු අවදානම් – යුරෝපා සංගමය ලංකාව බ්ලැක්ලිස්ට් කරයි…

colombotoday

ප්‍රවාහන ඇමතිගේ බිරිද, තානාපති කාර්යාල දෙකක් ඇතුළු NGO හිලෑ ඇතුන් නැති කරලා දාන්න වැඩ – හිලෑ ඇතුන් සුරැකීමේ ව්‍යාපාරය

colombotoday

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 34 වන කොමසාරිස් ජනරාල්වරයා රාජකාරි අරඹයි

colombotoday

මහින්ද ඝාතනයට ආ කොටියාට සමිතා නවාතැන් දීලා.. ජොන්ස්ටන්ගේ කුප්‍රකට කොටි නැටුම නැවතත් කරළියට !

colombotoday