Colombo Today Local News

දඹුල්ලේ බලු බදු යෝජනාව වාර්තා කළ මාධ්‍යවේදීන් CID යට කැදවයි

දඹුල්ල මහ නගර සභාවෙන් 2022 වර්ෂයේ දී බදු අය කරගැනිමට අදාල ක්‍රමවේදයට අනුව 2022 ජනවාරි සිට නගර සභා බල ප්‍රදේශයේ නිවෙස්වල ඇති කරන සුනඛයින් සදහා බලු බද්දක් යොජනා කරමින් ඉදිරිපත්කල පත්‍රිකාව ඇසුරු කරගෙන ඒ පිලිබදව මාධ්‍ය වාර්තා පල කිරිම පිලිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ෂන අංක තුන (03) මගින් පරික්ෂණයක් සිදුකරන බව පවසමින් දඹුල්ල ප්‍රදේශයේ මාධ්‍යවේදින් තිදෙනෙකුට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ෂණ ඒකකයේ පෙනි සිටින ලෙස දන්වා දඹුල්ල පොලිසියේ ස්ථානාධිපති මගින් කැදවීම් කර ඇත.

මෙසේ කැදවීම් කර ඇත්තේ විද්‍යුත්, මුද්‍රිත හා නව වෙබ් මාධ්‍ය (සමාජ මාධ්‍ය ) වාර්තාකරුවන් තිදෙනෙක් වන දඹුල්ල මහින්ද උදයසිරි, සරත් එරමිණිගම්මන, ලක්ෂිත විජේසේකර යන මාධ්‍යවේදින් තිදෙනා වෙතයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසිමේදි පැවැසුවේ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සිදුකල පැමිණිල්ලක් පිලිබදව මෙසේ විමර්ෂන සිදුකරන බවයි.

ඒ අනුව නොවැම්බර් 08, 09 සහ 10 යන දිනයන්වල පරික්ෂණ පැවැත්වෙන බව දන්වා පොලිසිය මගින් දන්වා ඇති අතර, එම දිනයන් මාධ්‍යවේදීන්ගේ ඉල්ලිමට සංශෝදනය කරමින් හෙට(12)දින මෙම පරීක්ෂණ සදහා දින ලබා දි ඇත.

Related posts

උඩරට වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කරයි

Admin

20 ගේනවානම් මහා සංඝරත්නයේ අනුමැතිය රැගෙන ගේන්න.. හිතුවක්කාරකමට වැඩකලොත් පිලිතුරු දෙන්න අපි සූදානම්

colombotoday

මාස 5ක් තුළ ඉන්දීය ධීවරයින් 28ක් අත්අඩංගුවේ

Admin

අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් එක් රැඳවියෙක් මරුට

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක..

Admin

IMF කොන්දේසි පාර්ලිමේන්තුවට ලබාදෙන්න – විපක්ෂ නායක

Admin