Colombo Today Local News

පොසොන් උත්සවය, රාජ්‍ය උත්සවයක් බවට පත් කිරීමට කටයුතු කරනවා – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියයි

පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අවශ්‍ය නෛතික කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

මිහින්තලය රජමහා විහාරාධිපති සහ එහි භාරකාර පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමිපාණන් විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් සිදුකෙරුණු ඉල්ලීමක් මත මෙය සිදුකෙරෙන බව සඳහන්.

එහිදී උන්වහන්සේ ඉල්ලීමක් කර ඇත්තේ මිහින්තලා විහාරයීය පූජා භූමිය ජාතික උරුමයක් ලෙස නම් කරන ලෙසයි. 

ඒ සඳහා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඉහළ පෙලේ කමිටුවක් ද පත් කිරීමටයි නියමිතව ඇත්තේ.

එම කටයුතු සම්බන්ධිකරණය සඳහා කෘෂිකර්ම, පශූ සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා මෙන්ම කාන්තා හා ලමා කටයුතු හා වියලි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ද පත්කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. 

Related posts

ලක්ෂ අටකට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වේ

Admin

පුහුණු ගුවන් හමුදා යානයක් කඩා වැටේ – නියමුවා මරුට

colombotoday

වැවේ පිටවාන කඩන්නයි කියා පුත්තලම නාගරික මන්ත්‍රීගේ කනට ගහලා

colombotoday

පන්නිපිටියේ බෝධිය ඉවත් කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

colombotoday

සා.පෙළ ප්‍රතිඵල තවත් දින දෙකකින්

Admin