Colombo Today Local News

සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රහාරයට විරෝධය.. වෛද්‍යවරු අද වැඩ වර්ජණයේ !

විශ්වවිද්‍යාල සිසුන්ට පහර දීමට සහ සයිටම් ආයතනයට විරොධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22දා) උදෑසන 8.00 සිට වැඩවර්ජනයක නිරත වන බව එම සංගමය නිවේදනය කරයි.

සයිටම් විරෝධී සිසුන්ට ඊයේ (21දා) එල්ල කරනලද පොලිස් ප්‍රහාරයට විරෝධය පළ කිරීමට සහ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මුල්කර ගනිමින් මතු වී ඇති අර්බුදය විසඳීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු නොකිරීමට එරෙහිව මෙම වැඩවර්ජනය කැඳවන ලද බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසා තිබේ.

කෙසේ වෙතත්, මෙම වැඩවර්ජනය පැවැතියද ඩෙංගු වාට්ටුවල මෙන්ම ළමා රෝහලේ සහ ගැබිණි වාට්ටුවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවද හෙතෙම සඳහන් කර තිබේ.

අද මධ්‍යාහ්න 12.00 ට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වෙන අතර වර්ජනය කොතෙක් කාලයකට බලපැවැත්වෙන්නේද යන්න සහ එහි ඉදිරි ක්‍රියාමාර්ග එම හමුවේදී තීන්දු කෙරෙන බවද පැවසේ.

සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඊයේ (21දා) විරෝධතාවක් සංවිධානය කර තිබුණු අතර ඔවුහු සෞඛ්‍ය අමාත්‍යංශය තුළට කඩා වැදුණහ. සිසුන් පළවා හැරීමට පොලිස් කරළි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබිණු අතර, මෙහිදී සිසුන් විසිරුවීමේදී තුවාල ලැබූ 96 දෙනෙකු ඊයේ රෝහල් ගත කර තිබුණි.

Related posts

බස්නාහිර පළාත ඩෙංගු අවදානමේ

colombotoday

නාගානන්ද කොඩිතුවක්කු ටැක්ටරයේ ගොස් බැලුමේ එල්ලෙයි

colombotoday

අම්පාරෙන් ඇල්ලූ ත්‍රස්ත සැකකරුවන් 11ක් TIDයට බාර දෙයි !

colombotoday

යාපනේ ගිය සජිත් ප්‍රේමදාස හා 13 වන සංශොධනය

colombotoday

අතුරුදන් ලයිස්තුවේ සිටි හිටපු කොටි ප්‍රබලයා ස්විස්ටර්ලන්තයේදී මිය යයි

colombotoday

කුඩු කෑ විත්තිය යළිත් පාර්ලිමේන්තුවට… රන්ජන්ට එජාපයෙන් දැඩි විරෝධයක්…

colombotoday