Colombo Today Local News

අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත සංශෝධන රහිතවම සම්මතයි !

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම, පරිපාලනය කිරීම හා කර්තව්‍ය ඉටුකිරීම සඳහා වන සංශෝධන පනත් කෙටුම්පත, සංශෝධන රහිතව අද (21) පාර්ලිමේන්තුවේදී සම්මතවී තිබේ.

යම් පුද්ගලයෙකු අතුරුදහන්වීම සම්බන්ධයෙන් මෙම කාර්යාලයට පැමිණිල්ලක් ලැබීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් වන විමර්ශන අවසන් වනතුරු “අදාළ පුද්ගලයා දක්නට නොමැති බවට“ සහතිකයක් නිකුත් කිරීම මෙම කාර්යාලයේ වගකීමක් වන බව සඳහන්ය.

විමර්ශන අතරතුර පුද්ගලයා හමුවී තමන් පිළිබඳ හෙළිදරව් නොකරන ලෙස ඉල්ලීමක් කරනු ලැබුවොත් එලෙස හෙළිදරව් නොකිරීමේ හිමිකම කාර්යාලයට තියෙන බවද මෙම පනත් කෙටුම්පතේ දැක්වෙයි.

එසේම අතුරුදහන්වූ පුද්ගලයාගේ ඉරණම පිළිබඳ දන්නේ නම් ඒ පිළිබඳ එතැනින් එහාට ඒ පුද්ගලයා සම්බන්ධයෙන් කිසිවක් කාර්යාලයට අදාළ නොවන බවද කියැවෙයි.

Related posts

උලමා හා ISIS සම්බන්ධතා පිළිබදව බොදු බලේ ප්‍රශ්න කරයි…

colombotoday

ග්‍රාම නිලධාරීන් අදයි හෙටයි ලෙඩ වෙයි

Admin

අනුරගේ “රට වනසපු හොරු වළල්ල, තොග පිටින් හෙළිදරව්ව”

colombotoday

නවයකන්ට අමානුෂික ලෙස පහර දුන් යාපනේ සරසවි සිසුන් 7කගේ පන්ති තහනම්

colombotoday

මීගමුව නොසන්සුන්වීමට හේතුව බහින්බස්වීමක්… වැරදි තොරතුරු ප්‍රචාරය කළොත් දැඩි දඩුවම්

colombotoday

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපතිට දඬුවම් ?

colombotoday