Colombo Today Local News

යහපාලනයෙන් රටේ ණය බර 39%කින් ඉහළට.. මහ බැංකු වාර්තාවලින් හෙළිවේ !

වසර 2015 වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව රුපියල් බිලියන 2,896 ක ප්‍රමාණයක් ණය ගෙන ඇතැයි මහ බැංකු වාර්තාවලින් හෙළිව තිබේ.

වසර 2015 වන විට රුපියල් බිලියන 7,390ක ණය බරක් තිබී ඇති අතර වර්තමානයේ එම ණය බර රුපියල් මිලියන 10,286කි.

ඒ අනුව වත්මන් ආණ්ඩුව පසුගිය වසර දෙකහමාරක කාලය තුළ තිබූ ණය ප්‍රමාණය 39%කින් ඉහල දමා තිබේ.

ලංකාවේ නොගෙවූ ණය අතර පළමු විධායක ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලය තුළ සිට මහින්ද රාජපක්ෂ සමය දක්වාම ගත් ණය ඇතුළත්ව ඇත.

අදාළ කාලය තුළ ගත් ණය සමස්ථ ණයෙන් 61%ක ප්‍රමාණයකි.

පසුගිය වසර දෙකහමාර තුළ යහ පාලන ආණ්ඩුව ලබාගෙන ඇති රුපියල් බිලියන 2,896 ක ණය ප්‍රමාණයට හම්බන්තොට වරාය ඇතුළු අනෙකුත් ගණුදෙණුවලින් ආණ්ඩුව ලබාගෙන ඇති මුදල් ඇතුළත්ව නොමැත.

මෙවර අයවැය ලේඛනයෙන් ලබන වසරේ (2018) රජයේ ණය වාරික හා පොලී ගෙවීමට රුපියල් කෝටි එක්ලක්ෂ අනූහත් දහසක් (රුපියල් කෝටි 1,97,000) ඇස්තමේන්තු කළ මුදලට ඇතුළත්කර ඇත.

Related posts

රණවිරුවන්ට එරෙහිව දැමූ නඩු නවතන්න බෑ – නීතිපති දප්පුල ජනපතිට එරෙහිව අවි ඔසව‍යි

colombotoday

ඤාණසාර හිමිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

colombotoday

ගෝඨාභය දුමින්දට ජනපති සමාවදීම නීතියට පටහැනී

Admin

මම පොලිසිය පොලිෂ් කරනවා. – ජනපති කියයි

colombotoday

සුනිල් ජයවර්ධන ඝාතනයට 8ක් අත්අඩංගුවේ

colombotoday

ඇමති චම්පික “මව්බිමට” එරෙහිව දැමූ නඩුව හකුලා ගනියි

colombotoday