Colombo Today Local NewsTop Stories

හානිපූර්ණ සඳහා වන කාර්යාලයේ සමාජිකයෙක් ලෙස විශ්‍රාමික ලුතිනල් කර්නල් රත්නප්‍රියබන්දු පත් කෙරේ

කථානායකතුමන්  සහ හානිපුර්ණය සඳහා වන කාර්යාලයේ  සාමාජිකයන් අතර හමුවක් අද (2019.04.04) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත  ජනාධිපතිතුමා විසින් හානිපුර්ණ සඳහා වන කාර්යාලයේ  සාමාජිකයන් 2019.04.01 දින සිට පත්කොට ඇත. ඒ අනූව, එම කාර්යාලයේ සභාපතිනිය ලෙස  ධරණි විජේතිලක(ධාරා) මහත්මිය පත්ව ඇති  අතර, අනෙක් සමාජිකයන් ලෙස  විශ්‍රාමික ලුතිනල් කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්. රත්නප්‍රියබන්දු මහතා , ජයන්ත මුතතම්බි ස්වාමිනාදන් මහතා, සෙල්ලතම්බි සුමිත්‍රා මෙනවිය, සහ ඒ .ඒ.එම් ෆදීහු මහතා පත් ව ඇත.

පීඩාවටපත් තැනැත්තන් වෙත කළ යුතු   හානිපූර්ණයන්ට අදාල නිර්දේශ ලබා ගැනීම, එකී තැනැත්තන්ගේ අවශ්‍යතාවයේ මට්ටම හඳුනාගැනීම, හානිපූර්ණ ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශ සකස්  කිරීම හා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ඒවා ක්‍රියාත්මක කිරීම හානිපූර්ණ සඳහා  වන කා‍ර්යාලයේ ප්‍රධාන කාර්යයන් වන අතර, එම කාර්යාල හමුවේ පෙනී සිටින පීඩාවට පත් තැනැත්තන් සඳහා අවශ්‍ය පරිපාලන සහායන් ලබා දීම. මනෝ සාමාජියීය සහාය ඇතුළු  සහායන් සැපයීමත්, අවශ්‍ය අවස්ථාවන් හිදී අවශ්‍ය ආරක්ෂාව සැපයීමටත් කටයුතු කරනු ලැබේ.

“ශීෂ්ටසම්පන්න සමාජයක් ලෙස ජනතාවට ආත්ම ගරුත්වය හා සුරක්ෂිතභාවය සහිත ජිවිතයක් ලබාදීම වෙනුවෙන්  වග වීමෙහිලා විශාල කාර්යභාරයක් ඉටු කිරීමට හානිපුර්ණ සඳහා වූ කාර්යාලයට හැකිවනු ඇතැයි” මෙහිදී කථානායකවරයා විශ්වාසය පලකලේය.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය දෙකඩ කරන්නැයි ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලයි

colombotoday

ණය ප්‍රශස්තකරණයෙන් පසු නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා අරඹයි

Admin

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට

Admin

ඇමති රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ඉල්ලයි !

colombotoday

පඹයට වඩා රූකඩය භයානකයි.. G7 ගිය ජනපති මහ ඉහළින් පිළිගත් හේතුව මධුමාධව කියයි

colombotoday