Colombo Today Local Newsfeatured

කොවිඩ් නම් පුච්චන්න. කොවිඩ් නැත්නම් වලලන්න. | අලි සබ්‍රි ඕනෑවට වැඩි. මේ ආණ්ඩුව තනියෙන් කනවා. | ඥානසාර හිමියෝ කියති.

කොරෝනා මරණ සම්බන්ධයෙන් එක් ප්‍රතිපත්තියක් තිබිය යුතු බවත් එය ජාති ආගම් මත වෙනස් නොවිය යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ නායක පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි සඳහන් කර සිටිනවා.

මුස්ලිම් ජාතිකයන් මරණයට පත්වූ විට හැකි ඉක්මනින් පරීක්ෂණ අවසන් කර කොරෝනා රෝගය වැළඳී ඇත්නම් එම දේහ ආදාහනයට යොමු කර කොරෝනා රෝගය වැළඳී නැත්නම් හැකි ඉක්මනින් එම දේහ ඔවුන් කැමති පරිදි භූමිදානය කිරීම සඳහා ලබා දීමට වැඩපිළිවෙලක් සැකසීම සුදුසු බවත් උන්වහන්සේ පැවසීය.

අලි සබ්‍රි ආණ්ඩුව තනියෙන් කනවා.

“මේ සඳහා දේශපාලඥයින් මැදිහත් නොවිය යුතු බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ඕනෑවට වඩා වැඩි බවත් ඔහු තේරුම්ගත යුතුයි තමන් කවුද කියලා. 2015 ආව ආණ්ඩුව අසාද් සාලි, මුජුබර් රහුමාන් වගේ අය එකතුවෙලා කා දැමුවා වගේ අලි සබ්‍රි මේක තනියෙන් කනවා. ඒ නිසා අලි සබ්‍රිට කියන්න තියන්නේ සද්දේ වැඩි. සිංහල සමාජයේ ටෙන්ෂන් එක මොකද්ද කියලා තේරුම් අරගෙන කරුණාකරලා ඉවසීමෙන් සහ සංයමයෙන් කටයුතු කරන්න කියලා අපි කියනවා. ඔහු පාර්ලිමේන්තුවට ආදුනිකයෙක්. අධිකරණ අමාත්‍යධූරය දුන්නා කියලා ඔහුට මේ රටේ නායක කම දීලා නෑ.” යැයි ඊයේ (22) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඥානසාර හිමියෝ පැවසීය.

Related posts

උතුම් නවම් පොහොය අදයි…

colombotoday

“දෙවියන්ගේ නාමයෙන් පලයව්” කියා සීනිගමදී පොල් ගහයි!

colombotoday

අදානි ගියා!! මෝදි ආවා!!! බලශක්තියට ඇඩ්‍රස් නැද්ද?

colombotoday

සූදු ක්‍රීඩාවේ යෙදුණු පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයාට පාලක පක්ෂයේම මන්ත්‍රිවරයෙකුගෙන් ප්‍රහාරයක්

colombotoday

අපේ ආණ්ඩුව හැදුව ගමන් බඩු මිල අඩු කරනවා

Admin