Colombo Today Local NewsNew Constitution

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය, අතුරු වාර්තා ව්‍යවස්ථා විරෝධීයි.. සියල්ල බල ශුන්‍යයි

නව ව්‍යවස්ථාවක් සදහා පත්කළ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය සහ එම මණ්ඩලයේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීති විරෝධි ක්‍රියාවක් බව නීති විශාරදයකු වූ ජනාධිපති නීතීඥ හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාපක්ෂ මහතා පවසයි.

අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත්කිරිමට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිම බලයක් පාර්ලිමේන්තුව වෙත ලබා දි නොමැති බවත් ඒ අනුව පසුගිය සැප්තැම්බර් 21 වෙනිදා පාර්ලිමේන්තුව වෙත අගමැතිවරයා විසින් ඉදිරිපත් කල මෙහෙයුම් කමිටුව විසින් සකස් කල අතුරු වාර්තාව බල ශූන්‍ය ලියවිල්ලක් බවත් හෙතෙම කියා සිටී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරිමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව පමණක් කල හැකි බවට මාධ්‍ය වෙත නිවේදනයක්න් නිකුත් කරමින් කියා සිටි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා සම්පාදක මණ්ඩලය ව්‍යවස්තා විරෝදී මෙන්ම මුල සිටම බල ශුන්‍ය ක‍්‍රියාවලියක් බවත් නිවේදනයේ සදහන් වේ.

Related posts

ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday

ගංජා විකුණන්න ගිය පොලිස් OIC සහ කොස්තාපල් රිමාන්ඩ්

Admin

විවාහා සහ අන්තිම කැමැති පත‍්‍ර පනත් සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

නිදහස් පක්ෂ විශේෂ නියෝජිත සමුළුව අද ජනපති ප්‍රධානත්වයෙන්

colombotoday

ඒකාබද්ධයේ ජනාධිපති අපෙක්ෂකත්වයට චමල් රාජපක්ෂ යෝජනා කරේ

colombotoday

අද පාන්දර අත්අඩංගුවට ගත් නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂවරියට ඇප !

colombotoday