Colombo Today Local News

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දැඩි තදබදයක්. – Appointment මගින් පාස්පෝර්ට් ලබා දීම සිමාව ඉක්මවා යයි

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා කලින් දිනයක් හා වේලාවන් වෙන්කර ගැනීමේ ( Appointment) පහසුකම සීමාව ඉක්මවා යමින් ඔක්තෝබර් මාසය දක්වා සම්පුර්ණ කර ඇති බැවින් මීළඟ දින ලබා දීමේ (Appointment) හැකියාව පවතින්නේ නොවැම්බර් මාසය තුලදී බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර අංශයේ පාලක එච්.පී.චන්ද්‍රලාල් මහතා ප්‍රකාශ කළේ කලින් දිනයක් හා වේලාවන් වෙන්කර ගැනීමේ ( Appointment) පහසුකම යටතේ දිනකට විදේශ ගමන් බලපත්‍ර දහසක් (1000) නිකුත් කෙරෙන බවයි.

පසුගිය (18) වැනිදා පමණක් එක් දින සහ සාමාන්‍ය සේවා යටතේ ඉල්ලුම්පත් 4700ක ප්‍රමාණයක් භාර ගැනීමට සිදුව ඇති අතර අසීමිත ලෙස විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ප්‍රවනතාවය නිසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.

එහෙත් ලබන නොවැම්බරයේ සිට මෙම තදබදය පහව යනු ඇතැයි තමා විස්වාශ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර අංශයේ පාලක එච්.පී.චන්ද්‍රලාල් මහතා සඳහන් කරයි.

(ඉන්දික ශ්‍රී අරවින්ද)

Related posts

“මට සමාව එපා.. සමාව ගන්නෙත් නෑ“ – වංචා කොමිසමට ආ ගෝඨා කළයුතු දේ තදින්ම කියයි !

colombotoday

සමර්හිල් වතුයායේ දී මිය ගිය කඳුකර කොටියා ගැන වාර්තාව ඇමැතිට

colombotoday

අදත් විදුලිය නෑ..!!

colombotoday

තෙල් අර්බුධය සමයේ තිලිණි ප්‍රියමාලි කළ ඩොලර් වංචා එළියට

colombotoday

පෝර්ට් සිටී ගොඩකර අවසන්…

colombotoday

“අපි කොටි සමරණවාමයි.. හැකිනම් නවතනු“ – TNA ශිවාජිලිංගම්ගෙන් රජයට අභියෝගයක්

colombotoday