Colombo Today Local News

“අපි කොටි සමරණවාමයි.. හැකිනම් නවතනු“ – TNA ශිවාජිලිංගම්ගෙන් රජයට අභියෝගයක්

shivajilingamමේ මස 26 වැනිදාට යෙදී ඇති මහවිරු දිනය සැමරීම දෙමළ ජනතාවගේ අයිතියක් නිසා එය සැමරීමකට රජයේ අවසරය උවමනා නැති බවත් බවත් මහ විරු දිනය ස්ථිරවම සමරන බවත් දෙමළ සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් යාපනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ මියගිව සාමාජිකයන් සිහිකර ඉල්මහ සැමරුම සිදුකරන ආකාරයෙන්ම යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයින් සිහිකිරීමට ඔවුන්ගේ ඥාතීන්ට අයිතියක් ඇතැයිද ඔහු කියා සිටී.

පොලීසිය හා ආරක්ෂක අංශ මෙම සැමරුව වැළැක්වීමට කොතරම් උත්සාහ කලද ඒ සියල්ල පරදවමින් මහවිරු දිනය සමරන බවද ඔහු අවධාරණය කලේය. මහවිරු දිනය යෙදී ඇති නොවැම්බර් 26 වැනිදා කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ උපන් දිනයද වෙයි.

Related posts

අමාත්‍යංශවලට විශේෂ කාර්ය බළකා ආරක්ෂාව

colombotoday

ලෝකෙ ලොකුම නත්තල් ගස ගාලුමුවදොර ඉදිවෙයි.. අතහිත අර්ජුනගෙන්.. වියදම වරායෙන් !

colombotoday

යුද හමුදා මේජර් ජෙනරාල් මොහාන් රත්නායකට ඇප

colombotoday

තියුණු ආයුධ සමඟ සැකකරුවන් 05ක් අත්තනගල්ලේදී අත්අඩංගුවට

colombotoday

20 ගෙනාවොත් රටම අරාජික වෙනවා…මේක මහින්ද ජවිපෙට දුන්න ලණුවක්

colombotoday

අලුත් ව්‍යවස්ථාවක් ඕනමයි… බාධා කරන්නේ ජාතිවාදීන් – අනුර දිසානායක

colombotoday