Colombo Today Local Newsextremism & terrorism activities

කොරෝනා මුස්ලිම් මරණ භුමිදානයට අවසර දෙන තෙක් අයිස් පෙට්ටිවල ගබඩා කිරීමට යයි? සබ්‍රි අයිස් පෙට්ටි දෙන්න පොරොන්දු උනාද? ලිපියකුත් සංසරණය වෙයි.

කොවිඩ් 19 මළ සිරුරු භූමිදානය පිළිබඳව තීරණයක් ප්‍රකාශයට පත්කරන තෙක් මළ සිරුරු සුරක්ෂිත කිරීම සම්බන්ධව ලිපියක් wahatsapp ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා 2020 දෙසැම්බර් 14 යොමුකළ ලිපියකට සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් යොමු කර ඇති පිළිතුරුක් එම ලිපියේ අඩංගුව ඇත.

ඉස්ලාමීය ආගමට අයත් කොවිඩ්-19 වින්දිතයින්ගේ මළ සිරුරු භූමිදානය කිරීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා දෙන තෙක් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මියයන අයගේ මළ සිරුරු සිසිල් කල කන්ටේනර් තුල තැන්පත් කීරීමට හැකි බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා යෝජනා කර ඇති බවත් එම කාර්ය සඳහා කන්ටේනර් ලබාදිය හැකි බවත් දන්වා ඇති බව එම ලිපියේ සඳහන්.

ඒ බැවින් අදාළ කාර්යය සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය – කොළඹ, අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය – කළුතර, අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය – මහනුවර, අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය – මීගමුව සහ අශ්රොෆ් අනුස්මරණ රෝහල – කල්මුනේ වෙත ලබා දීම සඳහා මළ සිරුරු සිසිල් කළ හැකි කන්ටේනර් 5 ක් ලබා දෙන මෙන් අදාළ ලිපියට අනුව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කාරුණිකව ඉල්ලා ඇත.

මේ පිළිබඳව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් සිදුකල විමසීමකදී කමිටුවකදී ගත් තීරණයකට අනුව සිසිල් කල කන්ටේනර් ලබාදිය හැකි බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි දැන්වූ බවත් එනිසා රෝහල්තුල දේහයන් ගොඩගැසීම හේතුවෙන් සිසිල් කන්ටේනර් ඉල්ලු බව සඳහන් කර සිටියා.

Related posts

විදුලි විරෝධය නවතන්නැයි වැල්ලම්පිටිය පොලිසිය කල ඉල්ලීම ඉවතට

colombotoday

හෙළ සිනමාවේ මහා සිනමාවේදියා ආචාර්ය ලෙස්ටර් දිවි ගමන නිම කරයි

colombotoday

හමුදාව පාවාදුන් හමුදා ලොක්‌කෙක්‌ යහපාලනයෙන් යළි සේවයේ පිහිටුවයි!

colombotoday

එස්.බී. ට අලුත් ආණ්ඩුවේ තවත් පට්ටමක්…

colombotoday

සිනමා හා රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා පියවර ගැනීමට අනුමැතිය

Admin

වහබ්වාදී උලමා සභාවේ බලහත්කාරය නවත්වන ක්‍රමය ඥානසාර හිමි කියති

colombotoday