Colombo Today Local News

විදුලි විරෝධය නවතන්නැයි වැල්ලම්පිටිය පොලිසිය කල ඉල්ලීම ඉවතට

ලංකා විදුලිබල සේවක වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයන් කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිට මාර්ගයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයෙන් මහජන පීඩාවක් ඇතිවන බැවින් එය නවතා දමන ලෙසට ආඥාවක් නිකුත් කරන්නැයි වැල්ලම්පිටිය පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් තමාට නියෝගයක් නිකුත් කළ නොහැකි බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙන්ම පොලිස් බලතල පාවිච්චි කරමින් එහිදී කටයුතු කරන ලෙසත් පැමිණීල්ලට දැනුම් දෙමින් මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.

Related posts

වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 7ක් ශ්‍රී ලංකා රජයට බල කරයි

Admin

විශ්වවිද්‍යාල සිසුවෙක් අතුරුදන්

colombotoday

දිවයිනේ සියලු කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට රජයේ අවධානය

colombotoday

පාතාලය සහ මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුමක්

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළිත් රැස්වෙයි

Admin

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් ගේ බිරිය “හීන් මැණික්” මිය යයි.

colombotoday