Colombo Today Local News

රාජ්‍ය සේවකයින් ලක්ෂ පහමාරකට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් – ඇමති වජිරගෙන් නිවේදනයක්

භ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ අතැම් වැය ශීර්ෂ පරාජය විම හමුවේ රාජ්‍ය සේවකයින් ලක්ෂ පහහමාරකට වැටුප් සහ දීමනා සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ගෙවිමට නොහැකි වන බව අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

අමාත්‍යවරයා නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ පළාත් සභා නවයේ සහ පළාත් පාලන ආයතන 341ක සේවකයින්ට මෙම තත්ත්වය ඇති බවයි.

පක්ෂ නායකයින් ගෙන තිබු තීන්දුවට පරිභාහිරව පසුගිය 28 වන දින අදාළ වැය ශිර්ෂ පරාජය කිරිමට විපක්ෂ මන්ත්‍රි වරුන් ගත් ක්‍රියා මාර්ග හේතුවෙන් බරපතල ගැටළු කාරි තත්ත්වයක් ඇතිවන බවද අදාළ නිවේදනයේ දැක්වෙයි

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණටම බලය හිමිවි ඇති පළාත් පාලන ආයතන සහ පළාත් සභා ක්‍රියාකාරිත්වය ඔවුන් විසින්ම බිඳ දැමිම පුදුමයට කරුණක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. එසේ නොමැති වුවහොත් පළාත් සභා හා පළාත් පාලන ආයතන අක්‍රිය විමේ වගකීම ඔවුන් විසින්ම භාර ගත යුතු බවද අමාත්‍යවරයා අවධාරනය කර සිටියි.

ඉතිහාසයේ විවිධ අවස්ථාවල වැය ශිර්ෂ පරාජය කරත් ඉන් ආණ්ඩුවට කිසිවක් සිදු නොවු බවත් මෙමගින් මාස කිහිපයක් වැටුප් නොලැබීමෙන් අහිංසක රාජ්‍ය සේවකයින් බරපතල ඛේදවාචකයකට ඇද දැමු බවට අමාත්‍යවරයා කියා සිටියි.

එහි බලපෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සමස්ත කාර්යමණ්ඩල, ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සමස්ත කාර්ය මණ්ඩල, සියලුම ග්‍රාම නිළධාරින්වරුන්, සංවර්ධන නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් ඇතුළුව පළාත් නවයේ හා පලාත් පාලන ආයතන 341 ක සේවකයින්ට බලපාන අතර එහි ක්‍රියාකාරිත්වය සම්පුර්ණයෙන් අඩපන කොට ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

Related posts

ජනතා අපේක්‌ෂා වෙනුවෙන් තනතුරු හැර සටන් කරනවා – ජනපති මෛත්‍රිපාල සිරිසේන කියයි

colombotoday

“මහා පරිමාණයෙන් කොමිස් ගසමින් කළ සංවර්ධනයේ ප්‍රතිඵල දැන් ජනතාවගේ හිස මත”

colombotoday

මරදාන මරියකඩෙන් සඟවාගෙන සිටි බිත්තර එළියට

Admin

IOCයෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් හත්දහස් පන්සීයයක් කොළොන්නාව තෙල් පර්යන්තයට

colombotoday

භාරත ලක්ෂ්මන් ඝාතනය වූ දින කිසිම දෙයක් මතක නෑ.. මාව නිදොස් කොට නිදහස් කරන්න

colombotoday

කැබිනට් මණ්ඩලය ගත් විශේෂ තීරණ කිහිපයක්

Admin