Colombo Today Local News

IOCයෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් හත්දහස් පන්සීයයක් කොළොන්නාව තෙල් පර්යන්තයට

ලංකා අයි. ඕ. සි සමාගම විසින් ඉන්ධන මෙට්‍රික් ටොන් හත්දහස් පන්සීයයක් කොළොන්නාව තෙල් පර්යන්තයට එවූ බව එහි කළමනාකරණ අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, ත්‍රිකුණාමලයේ සිට මෙම ඉන්ධන තොගය ඊයේ (05)දින එවූ බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ටැංකි රථ හිමියන්ගේ සංගමයේ ලේකම් ශාන්ත සිල්වා ප්‍රකාශ කරන්නේ, ලංකා අයි.ඕ.සි. සමාගම ඊයේ (5 වැනිදා) දහතුන්දහස් දෙසීයේ සහ දහනවදහස් හත්සියයයේ ටැංකි රථ හැත්තෑවක් පමණ ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහැර ඇති බවයි. මේ අනුව ඉන්ධන පිරවුම් හල් එකසිය හැත්තෑපහකින් පමණ ඉන්ධන බෙදාහැර ඇති බවද ඔහු පවසයි. ඊයේ මුතුරාජවෙල ඛනිජ තෙල් පර්යන්තයෙන් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ඩීසල් ටැංකි රථ දහයකට පමණ නිකුත් කර තිබිණි.

Related posts

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අරලියගහ මන්දිර නාට්‍යයක් – ජනපති කියයි

colombotoday

පොල්පිතිගම වෙල්යායක දමා ගිය බිළිදියක් හමුවෙයි

Admin

වර්ණසිංහගේ වැය ශීර්ෂය පරාජය කිරීමට මුල් වුණේ රතන හිමි! හෙළ උරුමයේ දරුණු ගැටුම්

colombotoday

නිරිතදිග මෝසම් සක්‍රීයයි. දිස්ත්‍රික්ක 11කට තද වැසි

colombotoday

”පාස්කු ප්‍රහාරය කල්තියා අපිට දැන්වූවත් රජයේ වඟකීමක් නිසා නිහඬව සිටියා” – මහින්ද යාපා

colombotoday

“ජනපති දැන් මොනව කීවත් වැඩක් නෑ… හයිබ්‍රිඩ් යුධ අධිකරණට ආණ්ඩුව ඇමරිකාවට එකග වෙලා ඉවරයි“

colombotoday