Colombo Today Local News

භාරත ලක්ෂ්මන් ඝාතනය වූ දින කිසිම දෙයක් මතක නෑ.. මාව නිදොස් කොට නිදහස් කරන්න

dumiya silva

භාරත් ලක්ෂ්මන් ඝාතන සිද්ධියට අදාලව 2011 ඔක්තෝබර් 08 වැනිදා සිදු වූ සිදුවීම් පිළිබදව තමන්ට කිසිදු මතකයක් නැතැයි භාරත ලක්ෂ්මන් ඝාතන නඩු විභාගයේදී විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා මෙම නඩුවෙන් තමා නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් මහතා ඇතුළු සිවු දෙනෙකුට වෙඩි තබා ඝාතනය කොට තවත් අයෙකුට වෙඩි තබා මරා දැමීමට තැත් කරන ලදැයි නීතීපතිවරයා විසින් පවරා ඇති නඩුවේ 11 වැනි විත්තිකරු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා විත්ති කූඩුවේ සිට සිය විත්ති වාචකය ඉදිරිපත් කරමින් එලෙස පැවසූ අතර, පසුගිය සමයේ පැවැති මැතිවරණවලදී තමන් වැඩිම මනාප ලබාගත්තේ යැයිද කීය.

එකොළොස් වැනි විත්තිකාර දුමින්ද සිල්වා මහතා විත්ති කූඩුවේ සිට සිය විත්ති වාචකය ඉදිරිපත් කරමින් මෙසේද පැවසීය. “මෙම නඩුවේ එකොළොස් වැනි විත්තිකරු ලෙස මට එරෙහිව ඉදිරිපත් කොට ඇති චෝදනාවලට මම නිවැරදිකරු. 2011 ඔක්තෝබර් මස 08 වැනිදා සිදු වූ සිද්ධිය පිළිබඳව මට කිසිම මතකයක් නැහැ. මාව මේ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන්න යනුවෙන් කියා සිටියේය.

Related posts

ත්‍රිකුණාමලේ බුදු පිළිම කඩා දැමීම : ‘මහසොහොන්‘ නම් බලකායක් තොප්පිය දමා ගනී !

colombotoday

හිජාස් හිස්බුල්ලාගේ පෙත්සමට කරුණු කියන්න නීතිපතිට නොතීසි

colombotoday

පාර්ලිමේන්තුව බොදු බල සේනා යටතට

colombotoday

බැඳුම්කර චෝදනා සොයන්න ජනපති කොමිසමක්

colombotoday

අගමැති හදිසියේ රටින් පිටවෙයි

colombotoday

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 24 ක අගරු චෙක්පත්

colombotoday