Colombo Today Local NewsTop Stories

කතෝලිකයන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධනම් ඔවුන් කතෝලික සභාවෙන් ඉවත් කළ යුතුයි – මැල්කම් රංජිත් කාදිනල් තුමන් පවසයි

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් කතෝලිකයින් අතර සිටින්නේ නම් ඔවුන්ව කතෝලික සභාවෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් පවසයි.

මත්කුඩු, මත්ද්‍රව්‍ය සමාජය තුළට ගෙනවිත් අහිංසක දරුවන්ගේ ජීවිත කාලකන්නි කරන්නට සමාජය උත්සාහ දරණ බව පැවසූ එහිමියන් ඔවුන්ව නීතියේ රැහැනට හසුකර දීමද තමන්ගේ යුතුකමක් බවයි කාදිනල් තුමන් අවධාරණය කළේ.

එසේම මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් සමඟ දේශපාලනිකව අත්වැල් බැඳගෙන කටයුතු කරන අයව ද පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කළ යුතු බවත් එතුමන් පැවසීය.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඉදිරියේදී ගැනීමට යන මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රතිඥාව දීම සඳහා ජාති, ආගම් භේද නොතකා සියල්ලන් එකතු වෙමු යනුවෙන් ද කාදිනල් තුමන් යෝජනා කළේය.

මැල්කම් රංජිත් කාදිනල් තුමන් මේ බව පැවසුවේ ජාඇල, තුඩැල්ල ප්‍රදේශයේ ඊයේ (31) පැවති දේවමෙහෙයකට එක් වෙමිනි.

Related posts

බුර්කාව තහනම් කළ පසු ඒ වෙනුවට වෙනත් දෑ භවිතා කිරීමද නොකළ යුතුයි

colombotoday

මත් ජාවාරම්කරුවන් එල්ලන දිනය තීන්දුයි – ජනපති

colombotoday

මහින්ද අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි

colombotoday

මාස 6ක් අත්‍යවශ්‍ය භාණ්ඩ 15කට ස්ථාවර මිලක්

colombotoday

කොන්සියුලර් සේවා සැපයීම දින තුනකට සීමා වෙයි

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකුව වහා ම ක්‍රියාත්මක වන පිරිදි යළි මුදල් අමාත්‍යංශය යටතට

colombotoday