Colombo Today Local NewsHot News

ඇමති මග නැගුමට ගිහින්, පොලීසිය අපට කුඩු වෙන්න ගැහුවා, අත්අඩංගුවට ගත් අය ආගිය අතක් නෑ – අන්තරේ

පසුගිය ආණ්ඩුව ශිෂ්‍යන්ට පහර දෙන වීඩියෝ පෙන්වමින් බලය ආ යහපාලන ආණ්ඩුව යටතේද ශිෂ්‍යයන්ට පන්නා පන්නා පහරදෙන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. එහි කැදවුම්කරු ලහිරු වීරසේකර මේ බව පැවසූවේ අන්තර් උසස් ජාතික ගනකාධිකරණ ඩිප්ලෝමා සිසුන් සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවය අතරතුර එල්ල වූ පොලිස් පහරදීමට පසුවයි.

[mom_video type=”youtube” id=”VIeoGCFlBn0″]

අද පෙරවරුවේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් සූදානම් කර තිබූ අතර ශිෂ්‍යන් මගහැර ඇමතිවරයා මග නැගුමට අධීක්ෂණය ගොස් ඇති බවත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අසලින් ඉවත් නොවුණහොත් “කුඩු වෙන්න ගහන“ බව පොලීසිය තර්ජණය කළ බවත් ඔවුන් පවසනවා. පසුව ජල ප්‍රහාර එල්ල කරමින් සිසුන්ට පන්නා පන්නා පහර දුන් බවත් මේ වන විට පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සිසුන් පිළිබදව තොරතුරක් නැති බවත් ඔවුන් පවසනවා.

පසුගිය ආණ්ඩුව සේම යහපාලන හවුල් ආණ්ඩුවත් ශිෂ්‍ය මර්ධනය ආරම්භ කර ඇති බවත් අත්අඩංගුවට ගත යුත්තේ මේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින් තමන් නොව, අධ්‍යාපනය විකිණීමට උත්සහා දරණ දේශපාලන නායකයින් යැයි ද ඔවුන් පවසනවා.

Related posts

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් පනස් තුන් ලක්ෂය ඉක්මවයි

colombotoday

නීති විරෝධීව රත්‍රං ගෙන ආ මන්ත්‍රී අලි සබ්රි රහිම් ගැන කතානායක වාර්තාවක් කැඳවයි

Admin

මෙරට ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නවා

colombotoday

පළාත් කිහිපයකට අද පස්වරුවේත් තද වැසි

colombotoday

සංවිධානාත්මක අපරාධකරුවෙක් STF වෙඩි පහරකින් ජීවිතක්ශයට

Admin

නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 72 ක් අත්අඩංගුවට

colombotoday