Colombo Today Local News

“හත්වලාමෙ වෙච්චි දේට මක් කොරන්නද” FCID ගිහින් බන්ධුල කියයි.

bandula wijeweera

ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සිදු වූවා යැයි කියන බරපතල මූල්‍ය වංචාවක් ගැන විමසීම සදහා ප්‍රවීන රංගන ශිල්පී බන්ධුල විජේවීර මහතා, හිටපු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය සහ රුවන්ති මංගලා මහත්මිය අද පෙරවරුවේ බරපතල මූල්‍ය වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම වෙත කැදවා තිබිණි.

එහිදී මධ්‍යයට අදහස් දක්වමින් බන්ධුල විජේවීර මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකන් කේටරින් සමාගම විසින් පැවැත් වූ සංගීත සංදර්ශනයක ගී ගැයීම සදහා තමන්ට ආරාධනා කර තිබුණු බවත් ඒ අනුව තමන් එයට සහභාගී වූ බවත්ය. මේ පිළිබදව මීට වඩා තමන් කරුණු නොදන්නා බවත් දැන් ඉතින් කීමට ඇත්තේ “හත්වලාමෙ වෙච්චි දේට මක් කොරන්නද” කියා පමණක් බවත් යැයි පැවසීය.

ඉහත සමාගම විසින් සංවිධානය කර තිබූ සංගීත සංදර්ශනයක තම සැමියා වන ගායන ශිල්පී නාමල් උඩුගම මතහා ගී ගැයූ බවත් ඔහු වෙනුවට ප්‍රශ්න කිරීම සදහා තමන් ජනාධිපති කොමිසමට කැදවා තිබුණු බවත් රුවන්ති මංගලා මහත්මිය ද පැවසූවාය.

Related posts

වරිපනම් බදු වසර දෙකක් යනතුරු වැඩි නොකෙරේ

colombotoday

උසස් පෙළ අයදුම්පත් භාර ගැනිම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Admin

පොලීසියට අල්ලසක් ලබා දීමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට

colombotoday

කොව්ඩ් වෛරස ව්‍යාප්තිය තවදුරටත් පොකුරු මට්ටමේ.. වෛරසය සමාජගතවෙලා නෑ.. – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්.

colombotoday

කොළඹ මහාධිකරණයේ නඩු භාණ්ඩ සොරා ගත් සේවකයන් දෙදෙනා රිමාන්ඩ්

Admin

ඇහැලියගොඩට සංචරණ සීමා

colombotoday