Colombo Today Local News

සංවිධානාත්මක අපරාධකරුවෙක් STF වෙඩි පහරකින් ජීවිතක්ශයට

පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) සමග ඇති වූ වැඩි හුවමාරුවකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු සූරිය වැව, බුරුතන් කන්ද ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී මියගොස් ඇති බවක් වාර්තා වේ.

පොලිසිය පැවසුවේ, සැකකරු ආඩිගම වැව අසල පාළු නිවසක සැඟව සිටින බවට ඊයේ රාත්‍රියේ තොරතුරක් ලද බවයි.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය සැකකරු අත්අඩංගුවට ගැනීමට එහි ගොස් තිබේ.

මියගොස් ඇත්තේ 44 හැවිරිදි අල්පිටිය, වලස් මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුගිය 21 වැනිදා මහ බාගේ මස්කඩයක් අසළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ පසුගිය වසරේ අගෝස්තු මාසයේදි වැල්ලම්පිටිය, චිත්තම්පහුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම ට සැකකරු බව පොලිසිය පවසයි.

Related posts

පෙට්‍රල් දෙනවයි කියා රු.1,64,500ක් අරන් දෙදෙනෙක් මාරු වෙලා

colombotoday

මුහුණු ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය නැහැ

colombotoday

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

කොවිඩ් සිරුරු උපද්‍රවකාරී අපද්‍රව්‍යයක් බැවින් පරිසර ආරක්ෂණ නීති අනුගමනය කරන්න. නැත්නම් නීතිමය පියවර ගන්නවා.

colombotoday

නියෝජ්‍ය පොලිස්පතිවරු 6කට ස්ථාන මාරුවීම්

colombotoday

ෆොන්සේකා පරාජිතයෙක්… එජාපයට ගන්නවාට මං විරුද්ධයි – ඇමති හරීන්

colombotoday