Colombo Today Local News

අලියාගෙන් වෙන්වූ මනෝ ගනේෂන් ඉනිමගේ නගී !

ඉදිරි පළාත් පාලන මැතිවරණයට කොළඹ මහ නගර සභාව සඳහා දෙමල ප‍්‍රගතිශීලී සන්ධානය වෙනම තරග කරන බව එහි නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අද(20) කොළඹදී පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස්වල හැසිරීම නිසා එජාපය සමග කළ සාකච්ඡා බිඳ වැටීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව කොළඹ මහ නගර සභාව සදහා එකමුතු ප‍්‍රගතිශීලී සන්ධානය ලෙස ඉනිමඟ ලකුණින් තරඟ කිරීමට දෙමල ප‍්‍රගතිශීලී සන්ධානය කටයුතු කරන බවද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් කීය.

Related posts

වරාය නගර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකට

colombotoday

විදේශ තානාපතිවරු හය දෙනක් මෙරට ආරක්‍ෂක සහ දේශපාලන කටයුතුවලට සෘජුව මැදිහත් වේ

colombotoday

රනිල් එලවන විශ්වාසභංගයට මෛත්‍රී පාර්ශවයේ දෙවනි අත්සන සුසිල්ගෙන්

colombotoday

අනුප්‍රාප්තික ජනපති රනිල් වික්‍රමසිංහ

colombotoday

හිටපු ජනපති ගෝඨාභය දිවයිනට

Admin

යුද්ධය නිමාවෙන් පසු මුල්වරට A9 වැසේ.. මග අහුරා විරෝධතා !

colombotoday