Colombo Today Local News

රනිල් එලවන විශ්වාසභංගයට මෛත්‍රී පාර්ශවයේ දෙවනි අත්සන සුසිල්ගෙන්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට යෝජිත විශ්වාසභංග යෝජනාව සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශවයේ දෙවැනි අත්සන තැබීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සුදානම් බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊට අමතරව ශ්‍රීලනිපය නියෝජනය කරන තවත් ජේෂ්ට අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විශ්වාසභංගය සඳහා සහය ලබාදීමට අපේක්ෂාවෙන් පසුවන නමුත් විශ්වාසභංගයට පක්ෂයක් ලෙස පොදුවේ සහය පලකිරීමේ සුදානමක් තවමත් නොමැති බව එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

මේ අතර අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වසභංග යෝජනාව සදහා තමත් අත්සන් කළ බව රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පෙරේදා මාධ්‍ය වෙත කියා සිටියේය.

Related posts

“මහින්ද මහත්තයා දැන ගත්තා නයා නයාමයි කියලා.ජනපති තමන්ගේ දේ කර ගන්න අනිත් අය භාවිත කළා.”

colombotoday

ජීවත්වීමේ අයිතිය ඉල්ලා වව්නියාවේ ගම්මාන 14ක සිංහල වැසියෝ වීදි බසී

colombotoday

පාන්, බනිස් ඇතුළු පිටි කෑම රුපියල් පහකින් ඉහළට…

colombotoday

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරයි

Admin

රනිල් කරේ තියාගෙන එජාපය යන්නේ දේශපාලන කනත්තට… රනිල් දිගටම ඉන්නවනම් අපිත් කැමතියි

colombotoday

එජාප-සජබ මහ පාරේ මරාගනී.. දෙපා උඩින් වාහන පදවයි

colombotoday