Colombo Today Local News

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරයි

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට අදට(21) වසර 4කි.

පාස්කු ප්‍රහාරයෙන් මෙලොව හැර ගිය පිරිස් සිහි කරමින් දිවයිනේ දේවස්ථාන රැසකදී දේව මෙහෙයන් සංවිධාන කර ඇත.

2019 අද වැනි දිනක මෙරට අඳුරු වළාවකින් වැසී ගියේ පාස්කු ඉරිදාව සමරමින් දේවස්ථානවල දේව මෙහෙයන්ට සහභාගි වූ කතෝලික ජනතාව ඉලක්ක කර එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ය.

මෙරට දේවස්ථාන 3ක් ඇතුළු කොළඹ හෝටල් හා අවන්හල් 7කට එදින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 269 කි.

තවත් පිරිසක් ආබාධිතයින් බවට පත් වූයේ එම අමිහිරි මතකයන් යළි යළිත් අප ඉදිරියේ මවාපාමින් ය.

පාස්කු ප්‍රහාරය එල්ල වී අදට වසර හතරක් සපිරුණ ද ඊට වගකිව යුත්තන්ට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැහැ.

ප්‍රහාරයට වගකිවයුත්තට එරෙහිව නීතීය ක්‍රියාත්මක නොවීමට විරෝධය පළ කරමින් අද(21) උදෑසන මීගමුව කොළඹ මාර්ගය දෙපස ජන පවුරක් නිර්මාණය කරන බව කොළඹ අගරුදගුරු පදවියේ ජාතික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කරයි.

මේ අතර, පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර 4ක් සම්පූර්ණ විමට සමගාමීව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයෙන් ආරම්භ වූ පා ගමන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය කරා මේ වනවිට ළඟා වෙමින් පවතී.

මෙය නම් කර ඇත්තේ, සත්‍ය හා යුක්තිය සොයා අබ්බා පියාණන් වහන්සේට මොර ගසන යැඳුමේ පා ගමන ලෙසයි.

Related posts

විස්සේ ඡන්ද විමසීම ඇරඹේ

colombotoday

පාඨලීගේ රියදුරු රිමාන්ඩ්

colombotoday

ඥාණසාර හිමිට ජපානයේදී ජනපති හමුවෙයි

colombotoday

ලංකාවට උදව් කරන්න ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධ එකඟතාවක්

colombotoday

අතයට ගණුදෙනු : ටැබ්, සුරක්ෂා තාවකාලිකව අත්හිටුවයි !

colombotoday

ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ 13 සිට

Admin