Colombo Today Local News

ලංකාවට උදව් කරන්න ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධ එකඟතාවක්

ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ඉන්දියාව සහ ජපානය එකඟ වී තිබේ.

පසුගිය දා ටෝකියෝ නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ බව ජපාන රජය ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මැයි 24 වන දින පැවති Quad සමුළුවට සමගාමීව හමු වූ අවස්ථාවේදී ඔවුන් මෙලෙස එකඟතාව පළ කර ඇත.

එහිදී ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතාවට අමතරව නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සාක්ෂාත් කර ගැනීමේ උත්සහයන් ප්‍රවර්ධනය කිරීම සඳහා “සමීප සහයෝගීතාව” පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

ඊට අමතරව, ආරක්ෂක, පිරිසිදු බලශක්ති සහ ආයෝජන ද සිදු කිරීමට එහිදී සාකච්ඡා වී තිබේ.

එම හමුවෙන් පසුව, ජපාන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ, දෙරට නායකයින් “ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර වත්මන් ආර්ථික අර්බුදය සහ රටේ මානුෂීය තත්ත්වය පිරිහීම සම්බන්ධයෙන් ඔවුන් එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කරන බවට තහවුරු කළ බව ය.

තව ද ඔවුන් ඉන්දු පැසිෆික් ආර්ථික රාමුව සැලකිය යුතු ප්‍රතිලාභ ගෙන දෙන රාමුවක් බවට සංවර්ධනය කිරීම සඳහා එකට වැඩ කිරීමේ අදහස් බෙදා ගත් බව එම අමාත්‍යංශය සඳහන් කර ඇත.

Related posts

අනතුරකින් සිසුන් 13ක් රෝහලේ… ප්‍රවාහන පහසුකම් නොමැති සිසුන් 37ක් ලොරි රථයේ ගමන් කරලා…

colombotoday

සමීක්ෂණ කරන්න කියා එජාපය ගොනාට අන්දවා මිලියන ගණනක් ගැරූ අතීක් පිටුපස සිටින ඇමති

colombotoday

මොරගහකන්ද ජලාශය ජනපති අතින් අද ජනතා අයිතියට !

colombotoday

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට එරෙහිව විමර්ශනයක්

colombotoday

දුම්රියක ගැටී තරුණියක් ජීවිතක්ෂයට

Admin

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් හදිසියේ මියයයි

colombotoday