Colombo Today Local News

ආගමික සිද්ධස්ථාන වලට සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක්

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ආගමික සිද්ධස්ථානවල වහළය මත සවි කරන සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් එහිදී පිරිවෙන්වලට ප්‍රමුඛතාව ලබාදෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

ආගමික සිද්ධස්ථානවල සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව විදුලිබල අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඉන්දියානු ණය ක්‍රමය මගින් දැනට යෝජිත රජයේ ගොඩනැගිලි සූර්ය බලයෙන් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවලට ආගමික කටයුතු අමාත්‍යංශයේ තෝරා ගැනීමට අනුව ආගමික සිද්ධස්ථාන ද ඇතුළත් කිරීමට සහ එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇති බව ද එම අමාත්‍යංශය කියයි.

සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, අධ්‍යාපනය රාජ්‍ය අමාත්‍ය විජිත බෙරලුගොඩ සහ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී. වී. චානක සහ ඉන්දික අනුරුද්ධ ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම අදාල අමාත්‍යාංශවල අනුබද්ධ ආයතනවල නිලධාරීන් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

Related posts

ඉරාජ් තරුණසේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට

colombotoday

විදේශීය මත්ද්‍රව්‍ය සමග 14 ක් අල්ලයි.. කාන්තාවන් තිදෙනෙකුත් ඒ අතර

colombotoday

විශ්ව විද්‍යාල ඇඳුරෝ වර්ජනය තාවකාලිකව අත්හරිති

Admin

“විධායක ජනපති ඔබත් මෙතරම් අසරණ නම්, අප ගැන මොන කතාද“ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ජනපතිට ලියයි

colombotoday

හමුදා සාමාජිකයින්ට සිදුවූ අවමානය නිවැරදි කර වන්දි ගෙවනවා

colombotoday

ඔක්සිජන් සතිපතා ආනයනය කිරීමට අනුමැතිය

colombotoday