Colombo Today Local News

“ආහාර සපයා ගත හැකි සුළු පිරිසක් ඉතිරි වී ඉතිරි පිරිස මිය යාවි.”

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් හිතන්නවත් බැරි පවුල්වල ගැහැනු දරුවෝ ගණිකා වෘත්තියට විශාල වශයෙන් යොමු වන බව පොලිස් නිලධාරීන් තමන් සමග ප්‍රකාශ කළේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (28 වැනිදා) පැවති මාධ්‍ය හමුවේ දී ය.

ඔහු මෙසේ ද කීවේය.

‘‘පවතින ආර්ථික තත්ත්වයන් මත සමාජ අර්බුද උග්‍ර වෙමින් පවතිනවා. මේ අර්බුද සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි අවධානය යොමු කළ යුතුයි. එක් අතකින් කුඩු ජාවාරම බරපතළ ලෙස ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ ජාවාරම මර්දනය සඳහා ආණ්ඩුව ශක්තිමත් වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කරන බවක් පේන්නෙ නැහැ. ඒ වගේම හිතන්නවත් බැරි පවුල්වල ගැහැනු දරුවො ගණිකා වෘත්තියට විශාල වශයෙන් යොමු වන බව පොලිස් නිලධාරීන් අප සමග පවසනවා. මේ රට කොහාට ද යන්නේ. එක් පැත්තකින් සිංහල බෞද්ධ රටක්. අනෙක් පැත්තෙන් සියලු ජාතීන් සමගියෙන් ජීවත් වන රටක්. මේ ආකාරයට ගියොත් ආහාර සපයා ගත හැකි සුළු පිරිසක් පමණක් ඉතිරි වී ඉතිරි පිරිස මිය යාවි. ආදායම් විෂමතාව අවම කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. නමුත් එවැනි දෙයක් අපිට ඇහෙන්නෙ නැහැ. එසේ නොකළොත් තවත් අර්බුදය ඔඩු දුවයි. ඒ තුළ ඇති වන සමාජ අර්බුදයන් බරපතළයි.’’

Related posts

ඤාණසාර හිමියන් සිරගතවූයේ පාලකයන්ගේ වරදින් – ඤාණසාර හිමියන් සිරගත කිරීම පිළිබද හෑගොඩ විපස්සි හිමියන් සිදුකල ප්‍රකාශය

colombotoday

විස්සේ විවාදය අද.. ඡන්ද විමසීම හෙට – සමගි ජන බලවේගයෙන් කමිටුවක්

colombotoday

සෝභිත හිමි අවමගුළේ සහජීවන මාධ්‍ය සංදර්ශන – හිමිවරුන් කණගාටුවෙන්

colombotoday

මිල අඩු කළ සතොස භාණ්ඩ වර්ග මෙන්න

Admin

කතානායක අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

colombotoday

“රට වැටී ඇති හිඟන තත්ත්වයට ජනාධිපති, අගමැති, මුදල් ඇමැති වගකිවයුතුයි”

colombotoday