Colombo Today Local News

අර්ජුන් ඇලෝසියස්ට සිතාසි

රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැරහැරීමේ සිද්ධියකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන අයට ලබන 03 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා සිතාසි නිකුත් කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනු කරන ලද නඩුවකට අදාළව මෙම අධිකරණය සිතාසි නිකුත් විනි.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් එකසිය හැට හත් රුපියල් කෝටි 532 (5,328,428,555/=) බදු මුදලක් නොගෙවා පැහැර හැරීමෙන් රජයට වංචාවක් සිදුකළේ යැයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එහි අධ්‍යක්ෂ ධුරය දරන අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

Related posts

ත්‍රිවිධ හමුදාව උතුරේ වැසියන් දස දහසකගේ ජීවිත බේරයි… මහ වැසි නොතකා දිවා රාත්‍රී සේවයේ…

colombotoday

ගෘහ භාණ්ඩ තොග වෙළෙඳසැලකට ආයුධ අතැතිව ඇතුළු වූ දෙදෙනෙකු කොල්ලකා පළා යයි

Admin

බදු ඉහළ දැම්මත් සැර මත්පැන් පරිභෝජනය සීඝ්‍රෙයන් ඉහළට

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවෙන් වැඩ 3කට රුපියල් කෝටි 8372ක ණයක්…

colombotoday

ජය ශ්‍රී මහා බෝ සමිදුන් පාමුළදී, යුධ ගිනි නිවූ හිටපු ජනපති 70 සමරයි

colombotoday

ඇදුම හොද නැතැයි පොලිසිය කැදවා ගුරුවරියන් පාසලෙන් එලවති

Admin