Colombo Today Local News

ඛණිජතෙල් වර්ජනය අගහරුවාදා තෙක් අත්හිටුවයි.. වරාය ගිවිසුම සංශෝධනයට ජනපති එකගයි !

ලබන අගහරුවාද තෙක් සිය වර්ජනය අත්හිටුවීමට ඛණිජතෙල් වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන තිබෙන්නේ ඊයේ ඊයේ (26) සවස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

හම්බන්තොට වරාය ගිවිසුම සංශෝධනය කිරීමටත්, අර්ජුණ රණතුංග සහ මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් සමග මේ පිළිබදව සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීමටත් ජනාධිපතිවරයා එකග වී ඇත.

වරාය හා නාවික කටයුතු ඇමති මහින්ද සමරසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ මේ මස 29 වනදා හම්බන්තොට වරාය චීනයට පැවරිමට අදාල ගිවිසුම අත්සන් තබන බවයි.

හම්බන්තොට වරාය තෙල් ටැංකි චිනයට පැවරීම, ත්‍රීකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පැවරීම යන කාරණා මුල් කරගනිමින් ඛණිජතෙල් වෘත්තීය සමිති වැඩවර්ජනයේ නිරත විය.

Related posts

ලෝක වෙළඳපලේ තෙල් මිල පහල යද්දී ලංකාවේ පෙට්‍රල් මිල ඉහල දමයි

colombotoday

පාස්කු කොමිෂන් වාර්තාවේ වෙළුම් 65ක් නීතිපතිට… සංවේදී සාක්ෂි සටහන් ඇති තවත් වෙළුම් 22ක් ලබා දී නෑ…

colombotoday

නොබෙල් සාම තෑග්ග ජනපතිගෙන් ගිලිහෙයි !!

colombotoday

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 34 වන කොමසාරිස් ජනරාල්වරයා රාජකාරි අරඹයි

colombotoday

රනිල් ජනාධිපතිවරණයට ආවොත් පරාජය නියතයි…

colombotoday

2015 දී පොළොන්නරුවේ අය අරක්කු බව්සර් 160ක් බීලා. ජාතික ධනය මත්රකුසා ගිලින හැටි මෙන්න

colombotoday