Colombo Today Local News

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වියදමට රජයෙන් මසකට කෝටි 20ක්.. කැබිනට් අනුමැතිය හිමිවේ

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා මසකට රුපියල් කෝටි 20ක ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

එම රෝහල ශ්‍රී ජයවර්ධන මහ රෝහල ස්ථාපනය කර ඇති අන්දමට පාර්ලිමේන්තු පනතක් මගින් සංස්ථා ගත කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය.

මේ අතර එහි පරිපාලනය සඳහා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු පාලක මණ්ඩලයක් පත් කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

(ලංකාදීප)

Related posts

මහබැංකු අවුලෙන් ආණ්ඩුව දෙදරයි ! ජනපති – අගමැති හබය දුරදිග යන ලකුණු

colombotoday

වාහම ක්‍රියාත්මකවන පරිදි දිවයිනටම ඇඳිරිනීතිය පැනවෙයි

Admin

GSP+ අහිමිවීමේ අවදානමක්…

colombotoday

අකුරැස්සේ පාසලක් වැසෙයි

colombotoday

“ආණ්ඩුවට අවුරුද්දයි බොරු පොරොන්දු කප්පරයි” අඛණ්ඩ විරෝධයකට උපාධිධාරීන් සැරසෙයි

colombotoday

ගජමුතු විකුණන්න ගිහින් ගුරුවරියක ඇතුළු හතරක් මාට්ටු

Admin