Colombo Today Local News

රනිල් ජනාධිපතිවරණයට ආවොත් පරාජය නියතයි…

එළැඹෙන ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග කළහොත් ස්ථීරවම ඔහු පරදින බවත් ගමේ මිනිසුන් නැඟිටුවන ජාතික වැඩපිළිවෙළක් ඉදිරි මාස දහ අට තුළ එක්සත් ජාතික පක්ෂය ඇති නොකළහොත් එක්සත් ජාතික පක්ෂයේ ගමන කනත්තෙන් නවතින බව බොහොම පැහැදිලි බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවැසීය.

තිස්ස අත්තනායක මහතා පෙරේදා (10දා) මල්වතු පාර්ශ්වයේ මහ නාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේද කීය.

මහ නාහිමිවරුන් කීප විටෙක මට කීවා නැවතත් ජාතික දේශපාලනයට ප්‍රවිෂ්ට වෙන්න කියලා. මම ඒ සඳහා කාලය, දේශය, දීපය යන දේ බලාගෙන ඉන්නවා. මම බලාගෙන ඉන්නේ ජාතික දේශපාලනයට ප්‍රවිෂ්ට වෙන්න ඇති හොඳම වෙලාව කුමක්ද කියලයි. ඉදිරියේදී ජනාධිපතිවරණයක් එනවා. ඒ ගැන සිතා තව මාස දෙක තුනක් තුළ මම තීරණය කරනවා කුමන දේශපාලන ප්‍රවාහයකටද එක් වෙන්නේ කියලා. මම ඒ තීරණය පැහැදිලි වශයෙන්ම ගන්නවා.

අද රටේ දේශපාලනය මහා ව්‍යාකූලතාවට පත්ව තිබෙනවා. ජනතාවට ආණ්ඩුව මොකක්ද කියා හිතාගන්න බැරිව ජනතාව ප්‍රශ්න සහගත තත්ත්වයට පත්වෙලා ඉන්නේ. ජනතාව අද ඉන්නේ කලකිරීමකින්. ඔවුන් ඉන්නේ වෙන්නේ කුමක් දැයි හිතාගන්න බැරිව. එය එතරම් හොඳ දෙයක් නෙවෙයි. රටකට ස්ථාවර දේශපාලනයක්, ස්ථාවර ආණ්ඩුවක් තියෙන්න ඕනෑ. මේ ආණ්ඩුව ගත්ත දින සිට කවුද ආණ්ඩුව කරන්නේ කියන එක ජනතාවට ප්‍රශ්නයක් වෙලා. ඒ

තරමටම රට පිරිහීමට ලක්වෙලා. දැන් ජනතාවට මෙය වෙනස් කරගන්න අවස්ථාව දෙන්න ඕනෙ.

නමුත් මේ වන විට පළාත් සභා මැතිවරණ පවත්වයි කියා අපට සැක සහිතයි. එයට හේතුව වන්නේ ඒ

පිළිබඳව ඇති අණපනත් පිළිබඳව ගැටලු තවම විස¼දාගෙන නැහැ. එසේ නම් එය හිතාමතා හෝ කල් යනවා නම් මීළඟට එන්නේ ජනාධිපතිවරණයයි. ඒ නිසා එය තීරණාත්මකයි. ඉන් රටේ අලුත් පාලකයා කවුද යන්න ජනතාව තීරණය කරයි. දැන් රටේ ඒ වාතාවරණය ඇති වෙමින් යනවා.

මම ඇත්තටම හිතන්නේ පාටවත්, පක්ෂවත් නොව රට වෙනුවෙන් අවංකවම වැඩ කරන්නේ කවුද කියන එක පමණයි. අද වන විට අප කල්පනා කළයුත්තේ රට පිළිබඳව ඇති අස්ථාවරත්වය ගැනයි.

ජනතාවට නිසි නායකත්වයක් දෙන රට ගැන හිතන නායකයෙක් ගැන හිතන්න කාලය ඇවිත් තිබෙනවා.

හෙට අනිද්දා වන විට මම තීරණාත්මක සාධකයක් වෙනවා. මම ඉදිරි ජනාධිපතිවරණයේදී යම්කිසි ස්ථාවරයක් ගන්න බලාපොරොත්තවෙනුයි ඉන්නේ. අද රටට අවශ්‍ය පැහැදිලි කෙළින් වැඩ කරන නායකයෙක්. ඒ නායකයා සමඟ පෙරට යන්න මම සූදානම්.

ගෝඨාභය පමණක් නොව බොහෝ අයගේ නම් ජනාධිපතිවරණයට කියවෙනවා. පසුගිය ජනාධිපති මැතිවරණයටත් නොයෙක් නම් යෝජනා වුණා. විවිධ නම් හුවමාරු වුණත් මේ තරගය දෙදෙනකුගේ තරගයක් බවට පත් වෙනවා. ඒ නිසා ජනතාව බලන්නේ මේ පාර නම් කෙළින් වැඩකරන නායකයෙක් ගැනයි. පසුගිය ජනාධිපතිවරණයේදී ගත් යම් තීන්දු තීරණ පිළිබඳව ජනතාව දැන් පසුතැවෙන බවට කතා බහක් පවතිනවා.

Related posts

ෆයිසර් ඒන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

colombotoday

“අයිස්’’ විකිණු වැලිකඩ පොලීස් කොස්තාපල්ට වැඩ වරදී

colombotoday

විෂ මත්ද්‍රව්‍ය, අපරාධ කල්ලි සාමාජිකයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන තොරතුරු දෙන්න විද්‍යුත් ලිපින දෙකක්

colombotoday

ජනපතිගේ නිල නිවේදන කථානායකවරයා හරහා පමණයි

colombotoday

සමගි ජන බලවේගයේ පෙත්සම් ලබන සතියේදී කැදවන්නැයි ඉල්ලා මෝසමක්

colombotoday

සතොස කිරිපිටි – සීනි මිල අඩු කරයි

Admin