World

මහ රැජිණගේ මෘත දේහය බකිංහැම් මාලිගයට

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ දේහය අද (14)දින බකිංහැම් මාලිගයේ සිට වෙස්ට්මිනිස්ටර් ශාලාව වෙත ගෙනැවිත් එහි තැන්පත් කිරීමට නියමිතව තිබේ.

එහිදී මහ රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහ ජනතාවට අවස්ථාව ලැබෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව, එරට වේලාවෙන් අද සවස 5.00 සිට දෙවන එලිසබෙත් මහ රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහ ජනතාවට අවසර ලැබෙනු ඇත.

මහ රැජිණගේ දේහය බකිංහැම් මාලිගය සිට වෙස්ට්මිනිස්ටර් ශාලාව වෙත රැගෙන ඒමේදී විලියම් කුමරු සහ හැරී කුමරු එය පසුපසින් පැමිණෙන අතර තෙවන චාල්ස් රජු සහ ඔහුගේ සහෝදර සහෝදරියන් තිදෙනා වන ඈන් කුමරිය, ඇන්ඩෲ කුමරු සහ එඩ්වඩ් කුමරු ද දේහය රැගෙන එනු ලබන අවමංගල්‍ය පෙරහැරේ ගමන් කරනු ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

Related posts

මවු කිරිවලිනුත් ප්ලාස්ටික් විෂ හමුවෙයි.

colombotoday

තමිල්නාඩු මුල් පුටව ජයලලිතාගේ ළගම හිතවතියට !!

colombotoday

ISIS ත්‍රස්තයෝ සිරියානුු ළමයින් 200ක් එකවැර වෙඩිතබා මරා දමයි (Video)

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ට මුස්ලිම් ඡන්ද එකක්වත් එපාලු

colombotoday

FIFA කාන්තා ලෝක කුසලානය ආරම්භයට පෙර නවසීලන්තයේ වෙඩි තැබීමක්

Admin

අල්-ෂබාබ් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් 180ක් නසී

colombotoday