World

FIFA කාන්තා ලෝක කුසලානය ආරම්භයට පෙර නවසීලන්තයේ වෙඩි තැබීමක්

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තිබේ.

ෆිෆා ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගය ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදී වෙඩි තැබීම වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් 06 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද ආරක්ෂක අංශ ප්‍රතිප්‍රහාර හමුවේ මියගොස් ඇතැයි වාර්තා වේ.

නවසීලන්තයේ ඕක්ලන්ඩ්හී පාපන්දු ක්‍රීඩිකාවන් බහුතරයකගේ නිවාස පිහිටි ප්‍රදේශයක මෙම වෙඩි තැබීම සිදුවීම පිළිබඳව පොලීසියේ අවධානය යොමු වී ඇතැයි සඳහන් ය.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ප්‍රකාශ කළේ, වෙඩි තැබීම ත්‍රස්ත ක්‍රියාවක් හෝ දේශපාලනික අතපෙවීමක් බවට මූලික විමර්ෂණවලින් තහවුරු නොවූ බවයි.

එබැවින් සැලසුම් කළ පරිදි ෆිෆා ලෝක කුසලාන කාන්තා පාපන්දු තරග පැවැත්වීමට කටයුතු කරන බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා තහවුරු කළේ ය.

Related posts

ප්‍රංශ ප්‍රහාරයේ මහමොළකරු අබ්දුල් හමීඩ් පොලිස් ප්‍රහාරයෙන් මරු දකී

colombotoday

රුසියානු හමුදාවෙන් රුසියාවේ නගරයකටම බෝම්බ හෙළීමක්

Admin

ආධාර ලබා ගන්න විදෙස් සබඳතා ඇති ඊජිප්තු ජනපතිට තවත් ජනවරමක්

Admin

‘ජිහාද්’ පරාජය කළ බව ට්‍රම්ප් කියයි

colombotoday

පැය 24ට ඉතාලියේ මරණ 627ක්

colombotoday

භූතානයේ සිසුන් පිරිසක් රැගෙන යෑමට විශේෂ ගුවන් යානයක් කටුනායකට

colombotoday