World

රුසියානු හමුදාවෙන් රුසියාවේ නගරයකටම බෝම්බ හෙළීමක්

යුක්‍රේනයට එල්ල කිරීම සඳහා රැගෙන යමින් තිබූ බෝම්බයක් රුසියානු හමුදා විසින් රුසියාවේ Belgorod නගරයට හෙළා ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

යුක්‍රේන දේශසීමාවේ සිට කිලෝමීටර් 40 ක් පමණ දුරක පිහිටි එම නගරය ලක්ෂ 4 කට අධික පිරිසක් ජීවත් වන නගරයක් ලෙස සැළකෙයි.

රුසියානු ගුවන් හමුදාවේ Su-34 වර්ගයේ ගුවන් යානයක් Belgorod නගරයට ඉහළින් පියාසර කරමින් සිටිය දී හදිසි මුදාහැරීමක් ලෙස එය කිරීමට සිදු වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

බිම හෙළන ලද බෝම්බය හේතුවෙන් මීටර් 40 ක පමණ ආවාටයක් නිර්මාණය වී ඇති අතර මහල් නිවාස කිහිපයකට ද හානි සිදුව තිබේ.

අදාළ සිදුවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

ලෝක ප්‍රසිද්ධ පොප් ගායක ජස්ටින් බීබර්ට කොවිඩ්

colombotoday

කාලගුණය තමන්ට කැමති විදියට වෙනස් කරන චීනයට අසල්වැසි රටවලින් චෝදනා

colombotoday

අන්තගාමිත්වයෙන් මුදා ගැනීමට මුස්ලිම් පිරිමින් අල්ලා රැවුල කපා දමයි – පකිස්තානු රජයෙන් අළුත් වැඩක්

colombotoday

ප්‍රමිතියෙන් තොර ආහාර පරිභෝජනයත් සමඟ ඇති වු ආසාත්මිකතා හේතුවෙන් නයිජීරියාවේ පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට

colombotoday

ලොවම මවිත කරමින් ඇමරිකාවේ නිරුවත නැවතත් එළියට !

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ ජාලා වාරණයකට සැරසෙයි

colombotoday