World

සූවස් ඇළේ සිරවුණු නෞකාව ලෝක ආර්ථිකයත් සිර කරන ලකුණු

සූවස් ඇළේ සිරවී ඇති බහාලුම් නෞකාව යාත්‍රා කරවීමට සති කිහිපයක් පවා ගත විය හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම සිරවූ නැව හේතුවෙන් විශාල නැව් ප්‍රමාණයක් රතු මුහුදේ සහ මධ්‍යධරණි මුහුදේ එක්රැස්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම යෝධ බහාලුම් නැව ඉවත් කිරීමට සති ගනනාවක් ගතවනු ඇතැයි යන බිය නිසා තෙල් මිලද මේ වන විට තියුණු ලෙස ඉහළ ගොස් ඇති බව පැවසේ.

ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳපොාළේ බොරතෙල් මිල 4% කින් ඉහළ ගොස් ඇත.

ලෝකයේ වැදගත්ම සමුද්‍රීය වෙළඳ මාර්ගය වන සූවස් ඇළේ හරහා තෙල්,නිමි භාණ්ඩ,බලශක්තිය සහ වෙළඳ භාණ්ඩ දක්වා සෑම දෙයක්ම ප්‍රවාහනය කරනු ලබයි.එබැවින් මෙම යාත්‍රාවේ සිරවීම හේතුවෙන් විශාල ගැටළු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ වන විට ලෝක වෙළෙඳාමෙන් 12% ක ප්‍රමාණයක් එහා මෙහා යන්නේ මෙම සූවස් ඇළ හරහා යි.

එසේ පසුගිය 23 දා සූවස් ඇළ හරහා යාත්‍රා කරමින් තිබූ මීටර 400 ක දිගින් යුතු වූ මෙම දැවැන්ත නෞකාව ඇළේ ඉවුරු දෙක අතර හරහට රැඳී ඇත්තේ දැඩි සුළං පහරකට ගොදුරු වීමෙන් වන අතර මේ වන විට දින 3කට ආසන්න කාලයක් එය යථා මාර්ගයට ගැනීමට අපහසු වී තිබේ.

2020 වසරේදී දී සූවස් ඇළ හරහා නැව් 18,800 කට වැඩි ප්‍රමාණයක් ගමන් කර තිබෙන බවත් එය සාමාන්‍යයෙන් දිනකට නැව් 51හෝ 52ක් වනවා. මේ අනුව එක් දිනක් මෙම ඇළ මාර්ගය අවහිර වීමෙන් ගෝලීය වෙළෙඳාමට සිදුවන බලපෑම ඉතා දැඩි බව පෙනී යයි.

Related posts

ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි අනූ පන්ලක්ෂය ඉක්මවයි

colombotoday

ලොව ලාබාලම අගමැතිනය ඉල්ලා අස්වෙයි

Admin

කැනඩා අගමැතිගේ බිරිඳටත් කොවිඩ් 19 ආසාදනය වෙයි

colombotoday

නවසීලන්තය හදිසිි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි

colombotoday

2060 වන විට මුස්ලිම් ජනගහනය 70% කින් ඉහලට. – නවතම සමීක්ෂණයකින් හෙළිවෙයි.

colombotoday

ක්වොන්ටම් පරිගණක තාක්ෂණය හදුන්වා දීමට ඉන්දියාව සැලසුම් කරයි

colombotoday