Colombo Today Local News

විෂ පොල්තෙල්වලට එරෙහිව කාවින්දගෙන් පැමිණිල්ලක්

මේරට පරිභෝජනය සඳහා පිළිකා කාරක අඩංගු විෂ පොල්තෙල් ගෙන්වා ඇතයි කියන සිද්දිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අද (26)දින පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ල ඉදිරිපත්කරනු ලැබීය.

ආප්‍රොටොක්සින් නමැති පිළිකා කාරක අඩංගු එම පොල්තෙල් තොගය ලංකාවට ගෙන්වීමට අනුබල දුන් පුද්ගලයා සහ ඒවාට සම්බන්ධ පුද්ගලයා සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් සිදුකර දඬුවම් පමුණුවන ලෙසත් පැමිණිල්ල මගින් ඉල්ලා සිටි බව මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

එම පැමිණිල්ල ඉදිරිපත් කළ අවස්ථාව සඳහා සමඟි තරුණ බලවේගයේ උප සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා ඇතුළු පිරිසක් ද පැමිණ තිබේ.

Related posts

මාරක ළිදේ පඩිපෙළ කඩා වැටි රාජකාරියේ යෙදි සිටි පොලිස් සැරයන් මරු දකී

Admin

පාපන්දු ලෝක කුසලානය ජනපති අතට

colombotoday

අන්තරේ පා ගමනට පොලිසියෙන් කඳුලු ගෑස්

colombotoday

මංගලගේ බියර් බදු සහනයට ජනපති පාර්ලිමේන්තුවේදී විරෝධය දක්වයි !

colombotoday

පරාජය දරාගත නොහැකිවූ මංගල සමරවීර තිසරණයෙන් සංඝරත්නය ඉවත් කරයි

colombotoday

මාවනැල්ලේ බුදු පිළිමයක් කඩද්දී මුස්ලිම් තරුණයෙක් අතේ මාට්ටු… අල්ලා ගස් බැද පොලිසියට බාර දෙයි..

colombotoday