World

‘ජිහාද්’ පරාජය කළ බව ට්‍රම්ප් කියයි

සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාමික් ස්ටේට් ජිහාද් සංවිධානය සම්පූර්ණයෙන් පරාජයට පත් කර ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසීය.

සිතියම් පෙන්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ ඒ බව කීවේය.

අයි.එස් සංවිධානය සියයට සියයකින් පරාජයට පත්කර ඇතැයි ජනාධිපති ට්‍රම්ප් එහිදි කීවේය. අයි.එස් සංවිධානය කලකදී අත්පත් කරගෙන තිබූ විශාලතම ප්‍රදේශයත් වත්මන් තත්ත්වයත් සිතියම් පෙන්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා වොෂින්ටනයේදී මාධ්‍යවේදීන්ට පැහැදිලි කළේය.

“මේ ඉන්නේ අයි.එස්.අයි.එස්. දැන් ඔවුන්ට කිසිවක් නැහැ” යැයි ට්‍රම්ප් කීවේය.

“අයි.එස් සංවිධානය සිරියාවේ ප්‍රකාශයට පත් කළ කාලිෆාව විනාශ කර දැමුවා” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් කීවාය.

අයි.එස් සංවිධානය අවසන් වරට රැඳි සිටියේ සිරියාවේ බගූස් ගම්මානයේය. එම ගම්මානය ඉලක්ක කරගනිමින් කුර්දි ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා ගුවන් ප්‍රහාර එල්ල කළේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ ධවල මන්දිරය සිරියාවේ අයි.එස් සටන්කාමීන් පරාජයට පත් කළ බව ප්‍රකාශයට පත් කළේ දින ගණනාවක් මුළුල්ලේ එම ගම්මානයේ අයි.එස් ඉලක්ක වෙත බෝම්බ හෙළීමෙන් පසුවය.

ඒ.එෆ්.පී. ඇසුරිනි

Related posts

චීනයේ විශාලතම මුස්ලිම් පල්ලි වලින් අරාබි අංග ඉවත් කරයි.

colombotoday

Live Reporting: පැරිස් නුවරට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – ප්‍රංශයේ හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

මානව හිමිකම් අදාල නෑ, සියලුම මත් ජාවාරම්කරුවන් මරා දමන්න – පිලිපීන ජනපතිගෙන් එරට පොලිස්පතිට නියෝග

colombotoday

කොරෝනා වෛරසය පැතිරූ ඉන්දීය තබ්ලික් ජාමාත් නායකයාට මිනීමැරුම් චෝදානා

colombotoday

කොරෝනා වසංගතය නොතකා උතුරු කොරියාව මිසයිල යවයි

colombotoday

අධිචෝදනා 34ක් එල්ල වුවත් මම නිවැරදිකරු – ට්‍රම්ප් අධිකරණයේදී කියයි

Admin