Colombo Today Local News

Dilmah Tea නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා තේ සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය Dilmah Tea නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද (20) උදෑසන කොළඹ දී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

1930 වසරේ මැයි මස 06 වනදා මීගමුව පල්ලන්සේන ප්‍රදේශයේ දී උපත ලැබු මෙරිල් ජෝසප් ප්‍රනාන්දු මහතා මිය යන විට 93 වන වියේ පසුවුණි.

1950 දශකයේ දී තේ රස පර්යේෂකයෙකු ලෙස වෘත්තීය දිවිය ඇරඹූ මෙරිල් ප්‍රනාන්දු මහතා පසුකාලීනව තේ වැවිලිකරුවෙකු ලෙස කටයුතු කළේය.

1985 වසරේ දී Dilmah සන්නාමය යටතේ ශ්‍රී ලංකා තේ ජාත්‍යන්තර වෙළෙඳපොළට ගෙන යමින් මෙරට තේ කර්මාන්තය නව මඟකට ගෙන ඒමට ඒ මහතා පුරෝගාමී කාර්යයක් ඉටුකළේය.

ඩිල්හාන් සහ මලික් යන ඔහුගේ පුතුන් දෙදෙනාගේ නම් සම්බන්ධ කරගනිමින් Dilmah තේ සන්නාමය නිර්මාණය කර ඇති අතර පසුකාලීනව එය ලෝකප්‍රකට සන්නාමයක් බවට පත්වුණි.

Related posts

හෙල්මට් තහනමට එරේහි උද්ඝෝෂණයෙන්, ජනාධිපති ලේකම් කාර්යාල අසල නොසන්සුන්

colombotoday

කෘෂිකර්මේ සල්ලි ගිලින “සබීතා පාය“ ගැන හොයන්න සය පුද්ගල කමිටුවක්…

colombotoday

IMF කොන්දේසි පාර්ලිමේන්තුවට ලබාදෙන්න – විපක්ෂ නායක

Admin

මුස්ලිම් විවාහ නීති සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට උලමා බලපෑම් කරති.

colombotoday

ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු දිනකට විදේශීය සංචාරකයින් 300 ක් ගෙන්වන්න අවසර

colombotoday

එක පැත්තක් විතරක් නෙවෙයි.. අද රටේ හැම ක්ෂේත්‍රයක්ම කඩා වැටිලා – මල්වතු මහානාහිමි

colombotoday