Colombo Today Local News

ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු දිනකට විදේශීය සංචාරකයින් 300 ක් ගෙන්වන්න අවසර

ලබන 26 වැනි දා සිට දෛනිකව විදේශීය සංචාරකයින් 300 ක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලැබී ඇතැයි සංචාරක සංවර්ධන අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මේ පිළිබඳව ඊයේ දිනයේ කොවිඩ් රෝග මර්දන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමග සාකච්ජා කළ බවය.

එහිදී උපදෙස් දී ඇත්තේ දිවයිනට පැමිණෙන සංචාරකයින්ට පී.සී.ආර් පරීක්ෂණ 2 ක් සිදුකර දින 14 ක් නිරෝධායනයෙන් පසු සීමිත සංචාරක කලාපයක් තුළ සංචරණයට පහසුකම් සැලසීමටයි.

අදාළ දින 14ක කාලය හෝටල් තුළදී ගත කිරීමට පහසුකම් සලසන බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

විදේශ සංචාරකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ පෞද්ගලික අංශයේ ප්‍රමිතගත රෝහල් හරහා සිදු කෙරෙනු ඇති.

වැඩපිළිවෙල යටතේ ලොව ඕනෑම රටක සංචාරකයින්ට රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙරටට පැමිණිය හැකි බව ද ඔහු පැවසුවේ ය.

විදේශීය සංචාරකයින් සඳහා ලබන 26 වැනි දා සිට කටුනායක ගුවන්තොටුපොළ විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

මේ වන විටත් රුසියානු හා යුක්‍රේන සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණීමට කැමැත්ත පළ කර ඇති බව ද සංචාරක සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසුවේ ය.

Related posts

මහින්දගේ ආගමනය දෙමළ ජනතාවට තර්ජනයක් යැයි ඉන්දියාවේ ඩී.එම්.කේ පක්ෂයෙන් නිවේදනයක්

colombotoday

ගිලෙන නැවේ මීයෝ වගේ එකා දෙන්නා රනිල්ව දාලා යනවා… “බල සුභ නිමිති පෙරමග නැකතටත් වැඩි…” – මුසම්මිල්

colombotoday

රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය

Admin

උපකාරක පංති ඇරඹීමේ තීරණයක් ?

colombotoday

විකිරණශීලි ද්‍රව්‍ය රැගත් නෞකාවේ තත්ත්වය පරීක්ෂා කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් නිලධාරීන් කණ්ඩායමක්

colombotoday

මහේල ජයවර්ධන සුද්දන්ට වැඩ කිරීම ගැන කණගාටුයි.. තිලංගගෙන් දොස්මුරයක්

colombotoday