Colombo Today Local News

මහින්දගේ ආගමනය දෙමළ ජනතාවට තර්ජනයක් යැයි ඉන්දියාවේ ඩී.එම්.කේ පක්ෂයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පත්වීම දෙමළ ජනතාවට තර්ජනයක් යැයි ද්‍රවිඩ මුනේත්‍ර කලහම් (ඩී.එම්.කේ) පක්ෂයේ නායක එම්.කේ. ස්ටාලින් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

රටේ ජනතාවගේ බහුතර කැමැත්තක් නොමැතිව මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම දෙමළ ජනතාවට තර්ජනයක් බවත් මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර දෙමළ ජනතාවගේ අයිතීන් ප්‍රතික්ෂේප කළ බවත් හෙතෙම සඳහන් කර ඇත.

ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත එම නිවේදනය උපුටා දක්වමින් ඒ බව සඳහන් කර තිබූ අතර මහින්ද රාජපක්ෂ මහතා දෙමළ ජනතාව පීඩාවට පත් කළ බව ද පවසා තිබේ.

එම්.කේ. ස්ටාලින් මහතා එහි මෙසේ ද සඳහන් කර ඇත.

“ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව රෝ සංවිධානයට චෝදනා කළා. එහෙත් මෛත්‍රිපාල සිරිසේන මහතා පසුව එසේ පැවැසුවේ නැතැයි කියා සිටියා. මෙවැනි තත්ත්වයක් මත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රෝ සංවිධානයට එල්ල වූ චෝදනා හා ශ්‍රී ලංකා නායකයන් ඉන්දියාවේ කරන සංචාර සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ඝාතනය කිරීමට මහින්ද රාජපක්ෂ මහතා වගකිව යුතුයි. ඔහු නාවික හමුදාව යොදා ගනිමින් දෙමළ ධීවරයන්ට ප්‍රහාර එල්ල කළා. මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්වීම දෙමළ ජනතාවගේ මනසේ බියක් ඇති කර තිබෙනවා”.

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්වීම දෙමළ ජනතාවගේ තුවාල දෙසට නැවතත් පිහියක් දිගු වීමක් යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දියාවේ එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහලේකම් වයිකෝ පවසා ඇත.

චීනය ශ්‍රී ලංකාවේ පාලනය සියතට ගනිමින් සිටිමින් බවට ද ඔහු චෝදනා කර ඇත.

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඔහු මෙසේ ද කියා තිබේ.

“මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරය කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීම පිළිබඳව යම් සැකයක් ඇති වෙනවා. විශේෂයෙන්ම මාලදිවයිනේ සිදු වූ බල වෙනසත් සමඟ ඇති වූ කනගාටුවත් ඒ සම්බන්ධයෙන් සැකයක් ඇති වෙනවා.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයට පත්වීම නැවැත්වීමට ඉන්දීය රජය කටයුතු කළ යුතු තමිල්නාඩු ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන වී.සී.කේ. පක්ෂයේ නිර්මාතෘ තෝල් තිරුමාවලවාන් සඳහන් කර ඇත.

Related posts

ගෑස් අනතුරු ගැන වහා පරීක්ෂණයක් කරන්නැයි එක්සත් ජාතික ස්වයං රැකියා සම්මේලනයෙන් පැමිණිල්ලක්

colombotoday

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Admin

යුක්‍රේන වෙසෙන ලාංකිකයින්ට දැනුම්දිමක්

colombotoday

වතු කම්කරුවන් වර්ජනයක.. නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද අරඹයි

colombotoday

කුරුණෑගල, තෝරයායෙන් ඉපැරණි මානව හිස්කබලක් හමුවෙයි.

colombotoday

කොටි කොඩි, ලාංඡන නෑ… නීතියේ කනෙන් රිංගා මෙවර අමුතු විදිහකට මහවිරු සමරපු හැටි !

colombotoday