Colombo Today Local News

කුරුණෑගල, තෝරයායෙන් ඉපැරණි මානව හිස්කබලක් හමුවෙයි.

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තෝරයාය නාරම්පනාව ප්‍රදේශයේ වැසිකිළි වලක් කැපීමේදී පොළොව මට්ටමේ සිට අඩි 8 ක් පමණ ගැඹුරකදී ඉපැරැණි මිනිස් සිරුරක බවට සැක කරන පොසිලයක කොටස් හමුවී තිබේ.
                                                                                                              
නාරම්පනාවේ පදිංචි වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරයෙකු ලෙස සේවය කරන මිල්ටන් සෝමරත්න මහතාගේ නිවස පිහිටි ඉඩමේ තිබී මෙම පොසිල කොටස් හමුවී තිබේ . ඔහු මීට වසර 15 කට පමණ පෙර මෙම ඉඩම මිළදීගෙන පදිංචියට පැමිණ ඇත .
 
ෙවැසිකිළි වල අඩි තුනක් පමණ  කැනීමේදී හුනුගල් ස්ථරයක් හමුවූ බවද එය තව දුරටත් යටට කැඩීමට උත්සාහ ගත් අවස්ථාවෙිදි සුදු පැහැයෙන් යුත් දැඩි ලෙස ඝනීභවනය වීමට ලක්වූ මෙම පොසිලය දැකගත හැකිවූ බවද සෝමරත්න මහතා පැවසීය .

අඩි 7 ක් පමණ දිගින් සහ අඩි 4 ක් පමණ පළලට මේවනවිට මෙම පොසිලය දර්ශනය වන බවද එය තව දුරටත් කැණීම් කළහොත් ඊට වඩා පොළොව යටට සහ දෙපසට මෙය පැතිරී ඇතැයි විශ්වාස කරන බවද සෝමරත්න මහතා සඳහන් කළේය .
 
 මෙම පොසිලයේ වෙන්ව තිබූ කොටස් එක්රැස් කර බැලීමේදී මිනිස් කශේරුකාවට සමාන අස්ථි කොටස් පැහැදිලිව දැකගත හැකිය . එසේම මෙම අස්ථි කොටස් ඉතා බරෙන්ද යුක්තය .
 
සෝමරත්න මහතාගේ දැනුම්දීම මත හෙට (10)  පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම පොසිලය පරීක්ෂා කිරීමට පැමිණීමට නියමිතය .

Related posts

ඤාණසාර හිමියන් සිරගතවූයේ පාලකයන්ගේ වරදින් – ඤාණසාර හිමියන් සිරගත කිරීම පිළිබද හෑගොඩ විපස්සි හිමියන් සිදුකල ප්‍රකාශය

colombotoday

මැරුණු කොටින්ට වන්දි ගෙවන යෝජනාව : සංශෝධනය කර ක්‍රියාත්මක කළ හැකියි

colombotoday

මුස්ලිම් විද්‍යාලයකින් සිවුරු ,කඩු ඇතුළුව උපකරණ තොගයක් සොයා ගැනේ

colombotoday

කොටුගොඩදී කසළ තේ කිලෝ 29,000ක් සමග සැකකරුවන් 7ක් අත්අඩංගුවේ.

colombotoday

අපේ රටට අවශ්‍ය කල දුටු කල වල ඉහ ගන්නට මාන බලන කුහක මිනිසුන් නොවේ. | විජේදාස රාජපක්ෂට දේශප්‍රේමියෙකුන්ගෙන් පිළිතුරක්

colombotoday

පොරොන්දු පරිදි 7ට පෙර නිදහස් නොකළොත් නොකා නොබී මැරෙන බව කොටි සිරකරුවෝ ජනපතිට දන්වයි

colombotoday