Colombo Today Local News

විකිරණශීලි ද්‍රව්‍ය රැගත් නෞකාවේ තත්ත්වය පරීක්ෂා කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් නිලධාරීන් කණ්ඩායමක්

හම්බන්තොට වරායට ඔබ්බෙන් ඇති විකිරණශීලි යුරේනියම් රසායන ද්‍රව්‍ය සහිත නෞකාවේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් කණ්ඩායක් පිටත් කර යවන බව එම අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, මේ වනවිට නෞකාව හම්බන්තොට වරායට නාවුක සැතපුම් 06ක් දුරින් තිබෙන බවය.

ඉංජිනේරු කණ්ඩායමක් නෞකාවට ගොඩවී අලුත්වැඩියා කටයුතු සිදු කරමින් පවතින බව ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා සඳහන් කළේ, එම නෞකාව වරායෙන් ඉවත් කර ගන්නා ලෙස දැනුම් දුන් බවය.

ඔහු සඳහන් කළේ, මේ වනවිටත් යාත්‍රාව වරායේ පිටත නැංගුරම්ලා ඇති බවය.

නෙදර්ලන්තයේ රොටඩෑම් සිට චීනයේ ෂැංහයි වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ බීබීසී නේපල්ස් නැමති මෙම නෞකාව පෙරේදා රාත්‍රී 9.00 ට පමණ හම්බන්තොට වරායට පැමිණ තිබුණි.

ඒ, එම නෞකාවේ එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් යථා තත්ත්වයට පත් කර ගැනීමේ අපේක්ෂාවෙනි.

ජර්මනියේ පෞද්ගලික සමාගමකට අයත් මෙම නෞකාව ඇන්ටිගුවා රාජ්‍යයේ ලියාපදිංචි කර තිබේ.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා පැවසුවේ, අදාළ නෞකාවේ න්‍යෂ්ටික බලාගාර සඳහා භාවිත කරන යුරේනියම් තිබී ඇති අතර ඒ පිළිබඳව නෞකාව දේශීය නියෝජිතයා විසින් නිවැරදි තොරතුරු සටහන් කරගෙන නොමැති බවය.

අදාළ භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ යුරේනියම් හෙක්සෆ්ලෝරයිඩ් විකිරණශීලි ද්‍රව්‍ය තිබූ බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමුහය ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් තහවුරු කළේ ය.

ඔවුන් පැවසුවේ, නෞකාවේ දේශීය නියෝජිතයා අදාළ විෂ රසායන තොගය පිළිබඳව කල්තියා ශ්‍රී ලංකා වරාය අධිකාරියට හෝ හම්බන්තොට වරාය පාලන අධිකාරියට දැනුම් දී නොමැති බවයි.

යුරේනියම් හෙක්සෆ්ලෝරයිඩ් විකිරණශීලි ද්‍රව්‍ය නෞකාවේ තිබෙන බවට තහවුරු වී ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදු කළ පරීක්ෂණයකදී බව ද හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පැවසීය.

ඒ අනුව, වහා හම්බන්තොට වරායෙන් නෞකාව ඉවත් කර ගන්නා ලෙස දැනුම් දුන් බවත් නැවෙහි දේශීය නියෝජිතයා ඉදිරිපත් කළ කරුණු මත පදනම්ව ශ්‍රී ලංකා වරාය අධිකාරිය, නාවික හමුදාව සහ ශ්‍රී ලංකා රේගු නිලධාරීන් නැවේ පිළිසකර කටයුතුවල අත්‍යවශ්‍ය ලේඛන සඳහා අනුමැතිය ලබා දී ඇති බවත් අදාල නිවේදනයේ සඳහන් විය.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, නෞකාව හම්බන්තොට වරායට ඇතුළු වූ අවස්ථාවේ සිට නාවික හමුදාව සහ ශ්‍රී ලංකා රේගුව විමසිල්ලෙන් සිටින බවත් හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රය තුළට නෞකාවේ තිබු කිසිදු භාණ්ඩයක් ගොඩ බෑමක් සිදු නොවූ බවය.

මේ අතර සූර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කළේ ය.

එහි දැක්වුණේ, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනතේ වගන්ති උල්ලංඝණය කිරීම හේතුවෙන් අදාළ නෞකාවේ දේශීය නියෝජිතයා වන විල්හෙල්ම්සන් මෙරිඩියන් නැවිගේෂන් ලිමිටඩ් වෙත නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තුවන බවය.

Related posts

පොරොන්දු ඉටුකළෙත් නෑ.. අල්ලපු හොරෙකුත් නෑ.. ඡන්දෙකට ගියොත් අපට ඇපත් නෑ” රංජන්

colombotoday

ක්‍රිකට් අතුරුකමිටුව 20තෙක් බලරහිත කෙරේ…

Admin

වැට් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

Admin

වැලිකන්ද මුතුවැල්ලේ දී බසයක් පෙරැලී 30ක් රෝහලේ…

Admin

සෞදි ඉදන් ආ තරුණයාට හමු වූ මෝහිණී අත්අඩංගුවට

colombotoday

කෝප් කමිටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ට කැඳවීමක්

colombotoday