Colombo Today Local News

සෞදියට ගෘහ සේවිකාවන් යැවීම නවතා තානාපති සම්බන්ධකමුත් අත්හැරදැමිය යුතුයි – අජිත් පී පෙරේරා

ajith p perera

සෞදියේදී ගල් ගසා මරා දැමීමට නියමිතව සිටින ශ්‍රී ලාංකික කාන්තාව බේරාගැනීමට නොහැකිවුහොත් එය ආන්ඩුවේ බරපතල පරාජයක් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පිළිබද නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (04) පාර්ලිමේන්තුවේදීය.

නම නොකියන මේ කාන්තාවට මරණ දඩුවම ලබා දුනහොත් සෞදි ආරාබියට ශ්‍රී ලංකාවෙන් ගෘහ සේවිකාවන් යැවීම සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතු බවත්, ඔවුන් හා ඇති තානාපති සම්බන්ධකම්ද අත්හැර දැමිය යුතු බවත් ඔහු කීය.

සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස රැකියාවට ගොස් බිළිදෙකු මරා දැමීමේ චෝදනාවට ඉස්ලාම් ශරියා නීතිය අනුව ගෙල කපා මරා දැමූ ශ්‍රී ලාංකික තරුණියක වන රිසානා නාෆික් එම මරණ දඩුවමින් බේරා ගැනීමට නොහැකි වූ අවස්ථාවේ එය රාජපක්ෂ ආණ්ඩුවේ බලත් දුර්වලතාවයක් ලෙස තමා එදා ප්‍රකාශ කළ බවත්, අද ද තමා සිටින්නේ ඒ මතයේම යැදිය නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Related posts

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යානුකුලව භුක්ති විඳීම වළක්වාලමින් හදිසි නීතිය අවභාවිතා කිරීම හෙළා දකිනවා

colombotoday

මහ මැතිවරණය කොටස් වශයෙන්

colombotoday

මෙවර යල කන්නයේ වී කිලෝවකට උපරිම මිලක්

colombotoday

රජයේ මුදලින් මැති ඇමතීන්ට රට සවාරි තහනම් – ජනපති නියෝග කරයි

colombotoday

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයන් බලහත්කාරයෙන් ඡන්ද වැඩවලට – හිටපු ඇමතිවරයෙකුගෙන් පැමිණිළි

colombotoday

මාලදිවයින් ජනාධිපති තෙදින සංචරයකට දිවයිනට

colombotoday