Colombo Today Local News

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයන් බලහත්කාරයෙන් ඡන්ද වැඩවලට – හිටපු ඇමතිවරයෙකුගෙන් පැමිණිළි

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සීගිරිය ව්‍යාපෘති කාර්යාලයේ සේවය කරන සේවකයින් සියලූ දෙනා බලහත්කාරයෙන් 10 දින කොළඹ ප්‍රදේශයේ පැවැත්වෙන දේශපාලන රැස්වීමකට සහභාගී කරවීමට එහි ව්‍යාපෘති කළමනාකාර වරයා බලපෑම් එල්ල කරන බව හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් හා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඊයේ (9) දින දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට මෙලෙස මැතිවරණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

‍දඹුල්ල නගරයේ එක් අපේක්ෂකයෙකු ඉලක්ක කරගෙන කටවුට් බැනර් ප්‍රදර්ශනය කිරීම සිදු කරන බව ප්‍රකාශ කරමින් ද මෙම පැමිණිල්ල ලිඛිතව සහ වාචිකව දඹුල්ල ප්‍රාදේශිය ලේකම් ලක්ෂ්මී හේවා පතිරණ මෙනවිය වෙත ඉදිරිපත් කළහ.

දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පැමිණි හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රාදේශිය ලේකම්වරිය ඉදිරියේ කියා සිටියේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මධ්‍යම සංස්කෘතික අරමුදල ව්‍යාපෘති කළමනාකරු මෙයාකාරයෙන් සේවකයන් දේශපාලන රැළි සඳහා සහභාගී කරවන බවය.


දඹුල්ල ප්‍රාදේශිය ලේකම් ලක්ෂ්මි හේවාපතිරණ මෙනවිය කියා සිටියේ මෙම පැමිණිල්ල මාතලේ තේරීම්භාර නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවය .


පැමිණිල්ල ලබාදීමෙන් පසු දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී මාධ්‍යවේදීන් ඇමතූ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ සීගිරි ව්‍යාපෘති කළමනාකාර වරයා කිසිදු සොයා බැලීමකින් තොරව මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සේවකයන් මෙයාකාරයෙන් දේශපාලන රැස්වීම් වලට සහභාගී කරවන බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව තවත් පක්ෂ රැසක් තම දේශපාලන ව්‍යාපාරය වටා එක්වන බවද හෙතෙම සඳහන් කළේය.

හිටපු පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ පසුගිය මැතිවරණ සමයේ විශාල පැමිණිලි ගණනාවක් මැතිවරණ කාර්යාලයට ඉදිරිපත් කළද ඒවාට මෙතෙක් කිසිදු විභාගයක් සිදුව නොමැති බවය .මැතිවරණ කොමසාරිස්වරයා කඩුව වන වන සිටිනා බවත් එහෙත් නීතිය ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක් බවය .

කෙසේවෙතත් කඩිනමින් මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වරයාගේ අවධානය යොමුකොට නිසිලෙස ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයිද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙහිදී සඳහන් කළේය.

Related posts

ඇමති අර්ජුනත් හිට්ලර් පාලනයක් ඉල්ලයි

colombotoday

අලුත් අගමැති කෙනෙක් පත් කර ගන්න මහින්දට ඉවත් වන්නැයි විමල්-ගම්මන්පිල ඉල්ලයි

colombotoday

පසුගිය වසර කිහිපයේ දී පොලිස් භාරයේ සිටි 15ක් මරා දාලා

Admin

ජනපති නිවේදන අභියෝගයට ලක් කළ නොහැකියි – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

colombotoday

මාස හයක් ඇතුළත විභාග නොවන චෝදනා පත්‍ර ඉබේ අවලංගු වන ක්‍රමයක් ඇමති වීරසේකරගෙන්.

colombotoday

හිටපු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාව සාර්ථකයි – අනුර ප්‍රියදර්ශන යාපා

colombotoday