World

‘කිතුණුවන් හා මුස්ලිමුන් සහෝදර සහෝදරියන්ය’ – ෆ්‍රැන්සිස් පාප්තුමා

‘කිතුනුවන් සහ මුස්ලිමුන් සහෝදර සහෝදරියන්’ බව මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අගනුවර මුස්ලිම් දේවස්ථානයක දී ෆ්‍රැන්සිස් පාප්තුමා පැවසූහ.

එතුමා මේ බව කියා සිටියේ, තෙවසරක් පුරා පවතින කිතුනු-මුස්ලිම් ගැටුම් නිසා ආරක්‍ෂිත කඳවුරක දිවි අවතැන්වූවන් අමතමිනි.

පාප්තුමාගේ අප්‍රිකානු සංචාරයේ අතිශය අවදානම් සහගතම සංචාරය ලෙස මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මුස්ලිම් දේවස්ථානයක් වෙත සිදුකරන සංචාරය සැලකිණි.

කිතුනුවන්ගේ ප්‍රහාරවලින් බේරීමට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බාන්ගී අගනුවර විසූ මුස්ලිම් පිරිස් තම නිවෙස් හැර පලා ගොස් ඇති අතර ඉතිරි වූ 15,000ක් පමණ දෙනා ආරක්‍ෂිත කඳවුරක දිවි ගෙවති. PK5 නමින් හැඳින්වෙන මෙම ආරක්‍ෂිත කලාපය ක්‍රිස්තියානි සන්නද්ධ අතිරේක හමුදා විසින් මුර කරනු ලබයි.

Related posts

ඇමෙරිකාවේ වෙඩි තැබීම් තුනකින් 9ක් මරුට

Admin

ජපානයෙන් එක් දිනකදී වැඩිම මරණ වාර්තා වෙයි

colombotoday

අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩාවැටෙයි

Admin

අල්ලාහු අක්බර් කියමින් ජර්මනියේ දුම්රිය මගීන්ට පොරොවෙන් කොටයි !

colombotoday

අමෙරිකාව සහ දකුණු කොරියාව නව න්‍යෂ්ටික අවි ගිවිසුමකට අත්සන් තබයි

Admin

ඇමෙරිකන් චිත්‍රපට නැරැඹූ ගැටවරයන් පවුලේ අය ඉදිරියේ මරා දායි

Admin